කසල බැහැර කිරිමට විධිමත් වැඩපිළිවෙලක් හදාගන්න බැරිවුණ මිගමුව නගර පාලනය ?

0
132

මීගමුව නගරය වසර 15 කට ආසන්න කාලයක් පාලනය කලේ ලංසා පවුල් පාලනය විසිනි. එදා මෙදා තුර කාලය තුල මිගමුව නගරයේ කුණු කසල බැහැර කිරිම සදහා විධිමත් වැඩපිළිවෙලක් නිර්මාණය කර ගැනිමට බැරිවු පාලකයන් පසුගිය දිනක ඒ කුණු කන්ද ගිනිගත් විට එය නිවා දැමිමට කටයුතු කළා යැයි කියමින් මුහුණු පොතේ උදම් අනන්නට තරම් අඳ බාලයන් බවට පත්ව තිබේ.ා
බස්නාහිර පළාතේ වේගයෙන්ම දියුණු වන ප්‍රධානතම වෙළද නගරය වන්නේ මිගමුවයි.
මෙහි පාලනය සදහා උගත් බුද්ධිමත් පාලකයන් සිටියේ නම් අද එය දියුණුවේ හිනිපෙත්තටම නගින අංක එකේ නගරයක් වනවාට කිසිදු සැකයක් නැත.
එහෙත් අවාසනාවකට දශකයකටත් වඩා වැඩි කාලයක් එය පාලනය කළේ එක පවුලක් විසිනි. විපක්ෂය යැයි කියා තිබුනද එහි බහුතරයක්ද ඒ පවුලේ රූකඩයන් වුවා මිස වැරදි දේට වැරදි යැයි කියන්නට කොන්දක් තිබුණ අයවලුන් නොවිය.
එබැවින් මිගමුව වෙනස් කළ යුතුව ඇත.
එළඹෙන මැතිවරණයේදි බුද්ධිමත් ජනයා ඒ ගැන තීන්දුවක් ගත යුතුය.

කුණු කන්ද

මීගමුව ඕවිටියාවත්ත කුණු බැහැර කිරීමේ අංගනයේ ඇතිවූ ගින්න පාලනය කර ඇත.පවතින රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණෙන් කිසියම් දේශපාලන කණ්ඩායමක් විසින් මෙම ගිනි තැබීම සිදු කර ඇති බවට පැහැදිලි සැකයක් මතුව ඇති අතර මේ වන විට මීගමුව,ගම්පහ සහ කොලඹ ගිනි නිවන ඒකක එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරමින් සිටී. ගිනි නිවිමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි.
(උපුටා ගැනිම – නගරාධිපති දයාන් ලංසාගේ මුහුණු පොතෙනි )