spot_img
spot_img
spot_img
Tuesday, March 11, 2025

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
Home Stories කසිප්පු බී මිය ගිය ගණන 13 දක්වා ඉහළට !

කසිප්පු බී මිය ගිය ගණන 13 දක්වා ඉහළට !

0
122

stock-photo-dead-body-laying-on-a-floor-304477316
මීරිගම බාදුරාගොඩ ප්‍රදේශයේ කසිප්පුපලකින් කසිප්පු බීමෙන්  රෝගාතුරවූවන් අතරින් තවත් දෙදෙනෙකු අද(5 )මියගොස් ඇතැයි පොලිසිය කියයි.ඊයේ (4) පස්වරුව වන විට මරණ 11 ක් වාර්තාවී තිබූ අතර අද මිය ගිය දෙනොද ඇතුළුව මියගිය ගණන 13 දක්වා ඉහළ ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ මහින්ද අබේරත්න 40 ගස්පේ  හා වල්පිට ලුනුමිදෙල්ලවත්තේ මුරකරු ලෙස කටයුතු කළ කටාන නැගෙනහිර කලුවාරිප්පුවේ මහමඩ් බැදිගේ ඇලෝසියස්  60 අයවලුන්ය.

ඊයේ (4) සවස්වන විට විස්සක පමණ පිරිසක් රෝහල්ගතව සිටි අතර අද (5) උදෑසන වනවිට තවත් කිහිපදෙනෙකු රාගම ඇතුලු ප්‍රදේශයේ රෝහල් කිහිපයකට ඇතුළත්ව රහසිගතව ප්‍රතිකාර ලබන බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත.

මෙම පිරිස වමනය, පාචනය, ඇස් දැවිල්ල, ඇස් නොපෙනීම ආදි රෝග ලක්ෂණ ඇතිවීමෙන් පසුව රෝහල් ගත කර  ඇත.

මියගිය අයගේ  ශරීර අභ්‍යන්ත කොටස් රස පරීකෂක වෙත යැවීමටද පියවර ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
lankadeepa.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here