කසිප්පු විෂවී 6ක් මරුට ,20ක් රෝහලේ !

0
60

stock-photo-dead-body-laying-on-a-floor-304477316එකම තැනකින් බිව් කසිප්පු විෂවී එකම රෝග ලක්ෂණ සහිතව 6 දෙනෙකු මිය යයි. 20 ක් රෝහලේ . මීරිගම , බාඳුරාගොඩ ප්‍රදේශයේ හොර කසිප්පු පොලකින් කසිප්පු බිව් 26 ක පිරිසකගෙන් 6 දෙනෙකු මිය ගොස් 20 ක පිරිසක් රෝහල් ගතවී ඇති බව පොලීසිය පවසයි . කොටදෙනියාව , පල්ලෙවෙල, මීරිගම යන පොලීසි වලට අදාලව මෙම තොරතුරු ලැබී ඇත. එමෙන්ම රෝගාතුරව සිටි 20 දෙනා දිවුලපිටිය , ගම්පහ , මීරිගම , කොළඹ යන ප්‍රදේශවල ඇති රෝහල් වලට ඇතු⁣ලත් කර ඇත.
මේ සියළු රෝගීන් එකම ලක්ෂණ එනම් වමනය, පාචනය, ඇඟ පත වේදනාව වැනි ලක්ෂණ පෙන්නුම් කර ඇත. මරණ පරීක්ෂණයේදී මධ්‍යසාර ශරීර ගතවී ඇති නමුත් මියගිය අය මියයාමට හේතුව වී ඇත්තේ හෘදයාබාධය සහ විජලනය බව පෙන්නුම් කර ඇත.
රෝහල් ගතව සිටින අයත් අසාධ්‍ය තත්වයෙන් _පසුවන බවට තොරතුරු ලැබී_ ඇත. මෙම කසිප්පු ජාවාරම අයිතිකරු ලෙස සඳහන් වන්නේ පල්ලෙවෙල ගස්පේ හේන ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික කාංචන නම් තැනැත්තකු බව සඳහන් වේ.