කහඉරෙත් මිනිස්සු හප්පන බස්කාරයෙක් වයික්කාලේදි කාන්තාවක් හප්පලා ….?

0
66

wen bus accident 1කොළඹ හලාවත මාර්ගයේ වයික්කාල ප්‍රදේශයේදි කහ ඉර මතින් පාර මාරු වීමට ගිය අවිවාහක කාන්තාවක් ඊයේ 22 සවස මගි බස් රථයක ගැටි බරපතල තුවාල ලබා රෝහල් ගතකල බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය පවසයි මෙලෙස තුවාල ලබා ඇත්තේ වයික්කාල සාන්ත නිකලස් මාවතේ පදිංචි වර්ණකුලසූරිය මේරි වෙරෝනිකා 69 නැමති අවිවාහක කාන්තාවකි අදාල කාන්තාව කහ ඉරෙන් පාර මාරු වෙමින් සිටියදි වෙනත් වාහනයක් ඉස්සර කරමින් පැමිණි මගි බස් රථයේ ගැටි තුවාල ලබා සිටියදි ප්‍රදේශවසින් විසින් මාරවිල රෝහලට ඇතුලත් කර ඇති අතර තුවාල ලබා රෝහලට ඇතුල් කල රෝගියාට ජිවිත අවදානමක් නොමැති බව රෝහල් අරංචි මාර්ග පැවසිය අනතුර සිදුකල මගි බස් රථයේ රියදුරාව අත් අඩංගුවට ගත්බවත් අපරික්ෂාකාරි රිය ධාවනය හා මාර්ග නීති කඩ කිරිම සම්බන්ධයෙන් ඔහුව මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලිස් රථවාහන අංශය කීය වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක රන්ජන් කොස්තාපල් 23908 බණ්ඩාර 67525 කුමාර යන යන නිළධාරින් අනතුර සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ සිදු කරයි
චන්දන ප්‍රනාන්දු – වෙන්නප්පුව