( 7.00 am ) මෙවර මැතිවරණයෙන් සීදුව ප්‍රාදේශීය සභාවට එ. ජා. ප. යෙන් 6කුත්, ශ්‍රී .ල. නි. ප. යෙන් 3 කුත්, පොදුජන එක්සත් පෙරමුණෙන් 9කුත් , ජේ . වී. පි. යෙන් 1කුත් , වශයෙන් නියෝජිතයින් පත්වූ අතර එ. ජා. ප. ය සහ
ශ්‍රී. ල. නි. ප. ය එකතුවීමෙන් මෙම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට එ. ජා. ප. යට හැකිවිය. පක්ෂ දෙකටම නියෝජිතයින් 9දෙනා බැගින් සිටි අතර පොදුජන පෙරමුණේ ගාමිණී හෙට්ටිආරච්චි මහතා ඡන්දය දීමෙන් වැළකීම නිසා ඔවුන්ට එක ඡන්දයක් අහිමිවීමෙන් ඔවුන් පරාජයට පත්විය.
මේ අනුව බලය පිහිටවූ එ. ජා. ප. යේ මංගල සැසියේ දී පොහොට්ටුවේ අය කළුපටි පැළද පැමිණ
ඡන්දය නොදී සිටි ගාමිණී හෙට්ටිආරච්චි මහතාට විරුද්ධව කෑකෝ ගසා ඇති අතර ඔවුන් බැඳ සිටි කළුපටි සියල්ල ඒ මහතාගේ අසුනෙහි රඳවා ඇත.
මෙම ප්‍රාදේශීය සභාවේ පළමු මහ සභාව 27 වන සිකුරාදා පැවැත්වීමට නියමිතය. මෙදිනට පොහොට්ටුවේ කළුපටි කාරයින්ගේ විහිළුවක් තිබේදැයි මේ පිළිබඳව අවධානයෙන් සිටින අය අතර කුකුසක් පවතී.