”ක්ලීන් නම් ක්ලීන්” – ඇවිත්ම බලන්න තලාදූව ත්‍රීරෝද රථ සංගමයේ සුපිරි වැඩසටහන.

0
47

 

( 11.30 am ) මේ වන විට මුළු රටේම ප්‍රධාන නගර ගම්දනව් සිසාරා නව  රජය යටතේ ක්‍රියාත්මක වන ” ක්ලීන් ශ්‍රී ලංකා ” නම් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් පවතී. ඒ අනුව මීගමුව ප්‍රදේශයේද
ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ නගරය සහ වෙරළ ඇතුළු ප්‍රදේශ පවිත්‍ර කිරීමේ වැඩසටහන් රජ්‍ය මට්ටමින් මෙන්ම පෞද්ගලික ආයතන සහ ස්වේච්ඡා සංවිධාන මට්ටමින් සිදු කෙරෙමින් පවතී.

මීගමුව නගරය ආශ්‍රිතව ගත්විට එහි අපවිත්‍ර ව ඇති තැන් බොහෝමයක් පවතී. එමෙන්ම එලෙස අපවිත්‍ර වී ඇති තැන් බොහෝමයක් දුර්ගන්ධයෙන් පිරුණ තැන්ය. මෙය මීගමුව  නගරයේ පිරිසිදුභාවයට මෙන්ම  නගරයේ අලංකාරත්වයට ද විශාල බාධාවක් වී තිබේ.

විශේෂයෙන්ම  නයිට් බසාර් එක පවත්වන සෙනසුරාදා දින වල එහි වෙළඳාම් කටයුතු සඳහා පැමිණෙන බොහෝ වෙළඳුන් පොලතින්, ප්ලාස්ටික් බෑග්, වතුර බෝතල් වැනි නොදිරන අපද්‍රව්‍ය මෙන්ම වෙනත් කැලි කසල ද එම නයිටි බසාර් එක පවත්වන මාර්ගයටම බැහැර කර ඇති ආකාරය මෙම මාර්ගයේ යන එන අයට දැක  ගත හැකිය.

ඒ අනුව ගත් විට මීගමු නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු සහ මීගමු නගරයේ සිට වෙළහෙළදාම්  කටයුතු කරන සහ වෙනත් රැකියාවන්වල, ව්‍යාපාරවල නියුතු අයද නගරයේ පිරිසිදුභාවය  හෝ අලංකාරත්වය ගැන කිසිදු නිනව්වක් නොමැතිව ක්‍රියා කරන ආකාරය දැකගත හැකිය.එලෙස මීගමුව නගරයේ වසන සහ නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු අතින් එලෙස නගරය අපවිත්‍ර වුණත් මීගමු නගරය පවිත්‍ර නගරයක් බවට පත් කරන්නටත්, මීගමු නගරය අලංකාරවත් නගරයක් බවට පත් කිරීමටත් මීගමු නගරයේ ස්ථාපිත එක් ත්‍රී රෝද රථ සංගමයක් විසින් අපූරු උත්සායක් ගෙන ඇති ආකාරය දැක ගත හැකිය. රටතුල ක්ලින් ශ්‍රි ලංකා වැඩේ පටන් ගන්න බොහෝ කාලයකට පෙර සිටිම මේ කටයුතත්තට මේ අය මුල පුරා තිබුනේ මාධ්‍ය සංදර්ශන වෙනුවෙන් නොව සැබැම අවශ්‍යතාවයක් මුල් කරගනිමින් විම සැබැවින්ම අගය කළ යුත්තකි

අප ප්‍රවෘත්ති වෙබ් අඩවිය මගින්  මීට ටික කලකට පෙරදීද මේ පිළිබඳව මුල්වරට අනාවරණය කළෙමු.  සීමාසහිත තලාදුව එක්සත් ත්‍රීරෝද රථ සංගමය නම් මෙම ත්‍රී රෝද රථ සංගමය ස්ථාපිත කර ඇත්තේ මීගමුව බස් පර්යන්ත ගොඩනැගිල්ලට ඉදිරිපිටය.

ඒ අනුව ප්‍රධාන මාර්ගය සහ රේල් පාර අතර වු භූමි කොටසේ ජලය ගලා යන  කානු මාර්ගයේ ඕලු මල් සිටවා ඒ ප්‍රදේශය අලංකාර කිරීමේ  කාර්යයකට මෙම තලාදූව එක්සත් ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් විසින් ක්‍රියාකර තිබේ. සීමාසහිත තලාදුව එක්සත් ත්‍රීරෝද සංගමයේ හිටපු සභාපතිවරයෙකු වූ ධනුෂ්ක මහතාගේ සංකල්පනාවක් අනුව  පසුගිය 2023  වසරෙ හිටපු සභාපති වූ සමන් පෙරේරා මහතාගේ ද අනුදැනුම ඇතිව නගරයට අලංකාරයක් කැන්දන මෙම කාර්යභාරය ආරම්භ වුයේ මීට වසර 03 කට පමණ පෙරය⁣.  එලෙසම මේ ස්ථානය එනම් මීගමුව බස් පර්යන්ත ගොඩනැගිල්ල ඉදිරිපිට ඇති  ප්‍රධාන පාර අයිනේ සිට ,දුම්රිය මාර්ගය දක්වා වූ කොටස දිනපතාම අතුපතු ගා පිරිසිදු කොට , මෙලෙස ⁣ එම කානු මාර්ගයේ ඕලු මල් වවා  එම ප්‍රදේශය අලංකාරවත්ව තබා ගැනීමට මේ ත්‍රී රෝද රථ සංගමයේ සාමාජිකයින් කාල සටහනක් පවා සකස් කරගෙන ඇත.

මීගමු නගරයේ වෙසෙන සහ මීගමු නගරයට දිනපතා පැමිණෙන බොහෝ දෙනෙකු නගරයේ පවිත්‍රභාවයට සහ අලංකාරත්වයට බාධා පමුණුවමින් නගරයේ කොතැනට හෝ කැලිකසල බැහැර කරන්නට උත්සුක වන විට මෙම ත්‍රී රෝද රථ සංගමය පමණක්  නගරයේ පවිත්‍රභාවය හා අලංකාරත්වය වෙනුවෙන් කටයුතු කරන  ආකාරය ඉතා ප්‍රශංසනීය වේ.

විශේෂයෙන්ම ඉඩෝර කාලයට වෙනත් ස්ථාන වලින් ජලය ගෙනැවිත් එම කානුමාර්ගය ජලයෙන් පුරවා මෙම ඕලු ශාකයන් සුරැකීමට ඔවුන් ගන්නා උත්සාහය අගය කල යුතුය. එය අන් අයටද ආදර්ශයකි
එමෙන්ම මෙම ත්‍රී රෝද රථ සංගමයේ  හිටපු සභාපති සමන් පෙරේරා මහතා පවසන්නේ නගර බලධාරීන් හෝ වගකිව යුතු අය මෙම කාණු මාර්ගය විධිමත් ලෙස ඉදිකර දෙන්නේ නම් මෙම භූමි කොටස මීටත් වඩා අලංකාරවත්ව සහ පවිත්‍රව  තබාගත හැකි බවයි.

සීමාසහිත තලාදුව එක්සත් ත්‍රිරෝද රථ සංගමයේ වර්තමාන සභාපති රුවන් චාමර මහතා ඇතුළු එම සංගමය සියලු සාමාජිකයන් ඔග මීගමුවට පැමිණෙන; විශේෂයෙන්ම බස් පර්යන්ත ගොඩනැගිල්ලට පැමිණෙන මගී ජනතාව ඇතුළු සෙසු අයගෙන් ඉල්ලා සිටින්නේ කැලිකසල බැහැර කිරීමේදී මේ කානු මාර්ගයට සහ එම ප්‍රදේශයට කැලිකසල බැහැර කිරීමෙන් වළකින ලෙසයි.

කැලිකසල බැහැර කිරීමට තබා ඇති එම කසල බඳුන්  වලට පමණක් කැලි කසල බැහැර කරන ලෙස ඔවුන් ඉල්ලා සිටි. එලෙස මොවුන් වැඩිදුරටත් මගී ජනතාව ඇතුළු සෙසු ජනයාගෙන් ඉල්ලා සිටින්නේ නගරය පිරිසිදුව තබා ගැනීමටත් අලංකාර කිරීමටත් ඔවුන් ගන්නා මේ උත්සාහයට සහාය වන ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here