ක්‍රිඩා කමිටුවේ බලය සරත් පිළට

0
41

මීගමු මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂයේ පැහැදිලි පිල් දෙකක් දැන් ක්‍රියාත්මකය.ඒ සරත් පිළ සහ ලංසා පිළ වශයෙනි.16 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි මණ්ඩලය සරත් පිළ ඉතා පැහැදිලි ලෙසින් ක්‍රියාත්මක කරන 4 දෙනෙකු සිටි.එනම් මන්ත්‍රි බන්දුල නාඔටුන්න,කපිල නන්දසුලෝචන,විනිසියස් සහ රෙමෝනා ලංසා මන්ත්‍රිවරියයි.

පසුගිය කාලය තුල නගර සභාවේ කාරක සභාවල බලය ඇල්ලිම සදහා මේ පිළ් දෙක විසින්ම බරපතල උත්සාහයක නිරතව සිටියේය.මේ අනුව ලංසා පිළෙන් ක්‍රිඩා කාරක සභාවේ හිටපු සභාපති ලෙස ජීවංග මිරැන්ඩෝ මෙවරද තරග කළද ඔහු ට හිමිව ඇත්තේ ඡන්ද දෙකක්  පමණි. ඡන්ද 4 ක් ලබාගත් බන්දුල නාඔටුන්න දැන් මේ කාරක සභාවේ සභාපතිය.මේ කාරක සභාවක සාමාජික සංඛ්‍යාව 6 දෙනෙකි. ක්‍රිඩා කාරක සභාවේ ආණ්ඩු පක්ෂ සාමාජිකයන් 4 කින් සහ විපක්ෂ සාමාජිකයන් 2 දෙනෙකුගෙන් සමන්විතය.මෙවර ඡන්ද විමසිමේදි විපක්ෂයේ එක් ඡන්දයක් සරත් පිළටත් අනෙක් ඡන්දය ලංසා පිළටත් ලැබි ඇත.

කාරක සභා සදහා සභිකයන් තෝරා ගැනෙන්නේ නාගරික මන්ත්‍රිවරුන් අතර පවතින රහස් ඡන්දයකිනි.