ක්‍රිස්තියාණි කටයුතු භාර ජොනී ඇමති මංගලට ගහල තියෙන්නේ බයිබලයෙන් !

0
103

.jony and bible

පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට පසුව රාජපක්ෂ ත්‍රාඩ කල්ලියේ වැඩිම විරෝධයක් එල්ල වූයේ මංගල සමරවීර මන්ත්‍රීවරයා ඉලක්ක කරගෙන බව වාර්ථා වෙයි.

කතානායකවරයා තම තීරණය දැනුම් දීමෙන් අනතුරුව විශ්වාසභංගයට පක්ෂවූ මන්ත්‍රීවරුන්ටද තර්ජන කිරීමට සහ පහර දීමට පියවර ගත්තේය.

මෙහිදී මංගල සමරවීර මහතාට අසභ්‍ය වචනයෙන් බැණ වැදීම මෙන්ම උපකරණ පොත් පත්වලි පහර දීමට රාජපක්ෂ ත්‍රාඩ කල්ලියේ පිරිස් වැඩි උත්සාහයක් ගෙන තිබිණි. එක් අවස්ථාවක ජොන්ස්ටන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ප්‍රමාණයෙන් විශාල පොතකින් සමරවීර මහතාට ප්‍රහාරයක් එල්ල කළ අතර එය සමරවීර මහතාගේ හිසෙහි වැදී තිබේ . ඒ ක්ෂණයෙන් සමරවීර මහතා පොත අහුලා ගත් අතර අසළ සිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාට,තමන්ට පොතකින් පහර දීමට තරම් පහත් තත්වයට ඇද වැටීම ගැන දෝෂාරෝපණය කර තිබේ. ‘ මටත් මේ පොතෙන් ආපසු ගහන්න පුලුවන්, ඒත් මන් පොත් වලට ගරු කරනවා. මෙහෙම හැසිරෙන්න එපා, තමන්ගේ තත්වය ගැන එයාට හිතන්න කියන්න’ යැයි පවසා තිබේ.

එමෙන්ම එම පොතට වැඳ එය මේසය මත සුරක්ෂිතව තැබීමට කටයුතු කර තිබිණි.එම පොත බයිබලයක් බව පසුව හැඳිනගෙන තිබිණි,

මේ අතර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයාද දිගින් දිගටම නින්දිත ලෙස අසභ්‍ය වචනයෙන් සමරවීර මහතාට බැණ වැදී තිබූ අතර, ඊට පිලිතුරු වශයෙන් සමරවීර මහතා කියා ඇත්තේ ‘ ගැහැණු දෙදෙනෙකු උස්සගෙන ගියත් ළඟ තියා ගන්න බැරිවෙච්ච මිනිහා මට චණ්ඩිකම් පෙන්වන්න එපා’ කියය. ඒ ප්‍රකාශයෙන් පසුව ඩිලාන් පෙරේරා නිහඬ වී තිබේ.

එමෙන්ම ප්‍රියංකර ජයරත්න ඇතුළු තවත් මන්ත්‍රීවරු ගනනාවක් සමරවීර මහතා ඉලක්ක කරගෙන අසභ්‍ය වචනයෙන් බැණවැදීම සිදු කර තිබිණි.

ඒ අතර සමරවීර මහතාට බරපතල හානියක් කිරීමට මෙම මන්ත්‍රීවරු අර අදිමින් සිටින බව හැඟී ගියෙන් විජේපාල හෙට්ටිආරච්චි, විජිත හේරත් සහ සුමන්තිරන් යන මන්ත්‍රීවරු ඔහුව ආරක්ෂා සහිතව එතැනින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.