ක්‍රිස්තියානි කටයුතුභාර ඇමති ජෝන්,කතෝලික පියතුමෙකුට එරෙහිව කැලෑ පත්තරයක් ගහලා?

0
68

යුක්තිය හා සාධාරණය පිළිබදව දශක ගණනාවක් පුරාවට මිගමුවේත් රටපුරාමත් විවිධ සමාජ මැදිහත්විම් වල නිරතව සිටි මෙරට සිටින අතලොස්සක් වන ප්‍රතිපත්ති ගරුක ජේෂ්ඨ පියතුමෙකු වන ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමන්ට එරෙහිව පසුගිය දිනක මිගමු කැපුන්ගොඩ ඇතුලු වෙරළ කලාපයේ මඩ පත්‍රිකාවක් බෙදා හැර ඇත.මේ ක්‍රියාවේ නියැලුනේ යැයි කියන අයෙකු ධිවරයන් විසින් හදුනාගෙන තිබුණි.අද දින මේ පුද්ගලයාව මිගමුව පොලිසියට කැදවාකරන ලද ප්‍රශ්ණ කිරිමකදි ඔහු විසින් කියා ඇත්තෙ තමන් විසින් පත්‍රිකාව බෙදා හැරිය බවත් එය තමන් වෙත ලැබුනේ ජෝන් අමරතුංග  ඇමතිවරයාගේ කාර්යාලයෙන් බවත්ය.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැමිණ කතෝලික පියතුමන්ල‍ා කියාසිටිය‍ේ යහපාලන රජයේ ක්‍රිස්තියානි කටයුතු භාර අැමතිවරයා මේ තරම් පහත් තවත්වයට වැටි තිබිම ගැන අප ලැජ්ජා විය යුතු බවය.මේ සම්බන්ධයෙන් අප ඇමතිවරයා ගෙන් කළ විමසුමකදි ඔහු කියා සිටියේ අදාල පුද්ගලයා පැමිණ තමාටද ඒ පත්‍රිකාව පෙන්වු බවත් එය ඔහුට පියතුමෙකු විසින් ලබාදුන් බවත්ය.මේ නිසා තමන් පොලිසියට කතා කොට මේ පුද්ගලයා මේ සිද්ධියට සම්බන්ධ කෙනෙකු නොවක බව කියා සිටියේ යැයිද ඔහු වැඩිදුරටත් අපට දන්වා සිටියේය.
කෙසේ වෙතත් මේ සිදුවිමත් සමගින් අපට පෙනි යන එක් පැහැදිලි කරුණක් වේ.අගමැතිවරයාගේ විසම්මුතියට ඇති ඉඩ සදහා ජෝන් ඇමතිවරයා විරැද්ධ බව නොවේද ?