‘ ක්‍රිස් රෙනේ’ මතින් මිදුණ ගායකයා

0
93

ක්‍රිස් රෙනේ නම් කුසලතා පිරිපුන් දක්ෂ ගායකයෙකු ලෝකය හදුනා ගන්නේ ඇමරිකාවේ  X-Factor වැඩසටහන  මගිනි.  1982 දෙසැම්බර් 25 වනදා උපත ලද ඔහු   මේ වන විට ඇමරිකාවේ ගායකයෙකු,ගීත පද නිර්මාපකයෙකු මෙන්ම සංගීතවේදියෙකි.  ඔහු තමාගේම ගී පද නිර්මාණයකට  , ඔහු විසින්ම තනුවක්  ද නර්මාණය කර  ගැයූ ගීතය ‘ “Young Homie” නම් විය.  2011 දී ඇමරිකාවේ X-Factor වැඩසහෙනේ පළමු අදයරේදී  දී මෙම ගීතය ගායනා කළ අවස්ථාවේදී  ප්‍රේක්ෂකාගාරය හා  විනිශ්චයකරුවන් අතිශය තෘප්තිමත් වූ ප්‍රතිචාරයක් ක්‍රිස්ගේ හැකියාව වෙත පුද කළේය.

chrisnew

ක්‍රිස් රෙනේ සංගීතය ඇසුරු කිරීම අවුරුදු 12දි පමණ ආරම්භ කළ තරුණයෙකි.
ඔහු ගීත ලිවීම වගේම සංගීත භාන්ඩ වාදනය ඉගෙන ගැනීමටත් මුල් වයස් වලදීම ආරම්භ කළ තරුණයෙකි. ක්‍රිස් ගේ මේ නැමියාවට ඔහුෙග් පවුලේ් උදවියත් සංගීතයට   සම්බන්ධ වී තිබීම ද එක් හේතුවක්.
ක්‍රිස් රෙනේගේ  ජීවිතයට සංගීතයම සම්බන්ධ වුවත් ඒ තුළින්  ජයගහණය කරා මෙහෙයවූ හේතුව යේ ඔහුගේ ජීවිතය තුළ තිබූ පරාජිත අත්දැකීමකි. ඒ පිළිබදව ඔහු X-Factor වැඩසටහනේ වේදිකාවේදීත් පවසන්නට නිර්ව්‍යාජ විය.
අවුරුදු 12 දී තමන්  මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූ බවත් සතියෙන් සතිය, දිනෙන් දින , පැයෙන් පැය තමන්  අධික ලෙස මත්ද්‍රව්‍ය ලෝලියෙකු වූ බවත් අවසානයේ ‘ කොකේන්’ නමැති  මත්ද්‍රව්‍ය ද ඔහු පාවිච්චි කළ බවත් ඔහු සදහන් කරයි. මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවීම නිසා පුනරුත්ථානය  වෙනුවෙන් ඔහු රැදවුම්භාරයේද සිටියේය. අවුරුදුක් පමණ ඉන් මිදී සිටියත්  බීමත්කමත් සහ දුම්පානයෙන් ඔහුට ගැලවීමක් නොතිබුණි.
ඒවායේ අනිටු ප්‍රතිපළ වූයේ දරුණු රිය අනතුරකට ඔහුත්  ඔහුගේ පෙම්වතියත් ගොදුරු වීමයි.

මේ සියල්ලෙන් පසු  ඇගේ සොහොයුරියගේ මැදිහත්වීමෙන් X-Factor වැඩසටහනට පෙනී සිටින
ක්‍රිස් රෙනේ විසින් මෙම ගීතය ගායනා කරනු ලබනවා.  “Young Homie
එම ගීතයේ ගැබ්ව ඇත්තේ ඔහුගේම ජීවන අත්දැකීම්. තාරුණයේ දී කෙනෙකුගේ හැඟීම් හා ක්‍රියාවන් මතු ප්‍රතිපළ ගැන නොසිතන බව ඔහු සදහන් කරනවා.
ක්‍රිස් රෙනේ ගේ සංගීතය හා බැදුණ ජීවිතය කරලියට පැමිෙණන්නේ මේ ගීතයත් සමගින්ම ඔහු X-Factor වැඩසටහනේ තුන්වන ස්ථානයට පත්වීමත් සමගිනි. පසුව ඔහු  ඔහුගේ නිර්මාණ වලට හා ගායනයට විශාල ඇගයීමක් මෙන්ම ආයෝජනයක් ද සිදුවෙයි. ක්‍රිස් රෙනේ මේ වන විට කැලිෆෝර්නියාවේ ඉතාම ජනප්‍රිය අංක එකේ සිටින ගායකයෙකි. එමෙන්ම ඔහු රැප්කරුවෙකු  (rapper) බවට ද ප්‍රචලිතය. මත් ලෝකයෙන් ජයගත් ඔහු අද ප්‍රීත්‍රිමත් ජිවිතයක් ගතකරන අතර සිය හැකියාව තුළින් සංගීතයට ලෝලීන්ටද  ද සතුට ගෙන එන්නේය.

‘ යන් හොමි’ ගීතයේ පද වැල්     –  Young Homie

තොරතුරු – අන්තර්ජාල සටහන් ඇසුරෙනි.

http://www.chrisreneofficial.com/video/chris-rene-trouble-official-video