ක්‍රීඩාව තුළින් පහලම ශ්‍රේණිවල කම්කරුවාටත් වටිනාකමක් ලැබෙනවා-නාගරික මන්ත්‍රී සංගීත්

0
61

IMG-20190725-WA0025IMG-20190725-WA0027පළාත් පාලන ආයතන සඳහා පැවති ගම්පහ දිස්ත්‍රික් ක්‍රීඩා උළෙල සහ බස්නාහිර පළාත් උළෙල මාර්තු 7 8 9 යන දිනයන්හිදී පවත්වා තිබින. මෙම ක්‍රීඩා උළෙල සඳහා නිලධාරි , සේවක, සහ ජනතා නි⁣යෝජිත යන මට්ටම මත සහභාගී විය හැකිව තිබින . මෙහිදී නාගරික මන්ත්‍රීවරු ලෙස නිමල් , සුමිත් සහ සංගීත් යන මන්ත්‍රීවරු සහභාගී විය. මෙහිදී ගම්පහ දිස්ත්‍රික් ජයග්‍රහණය මීගමුවට ලැබිණ . යගුලිය විසිකිරීමෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමට සංගීත් මන්ත්‍රී තුමාට හැකිවිය. එ⁣සේම බස්නාහිර පළාත් තරඟයේදී තෙවන ස්ථානය ලබාගැනීමට මීගමුව මහ නගරසභාවට හැකිවිය . මෙම ක්‍රීඩා උළෙලේදී ලැබූ මුදල් සහභාගී වූවන් දිරිමත් කිරීමට අදාලව උත්සවයක් සූදානම් කිරීම වැදගත් බව සංගීත් පවසයි. එසේම නගරසභාවේ අනවශ්‍යය වියදම් කපාහැර අවංකව ක්‍රීඩාව නංවාලීමට උත්සාහ ගන්නේ නම් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් දක්වා යාමේ හැකියාවක් ඇති බව සංගීත් පෙන්වා දෙයි. මේ අනුව ඔහු තවදුරටත් පෙන්වා දෙන්නේ කසල සුද්ධ කිරීමට එහා ගිය අරමුණක් තුළින් පුද්ගලයෙකුට යම් වැදගත් කමක් එකතු කිරීමට ක්‍රීඩාවට හැකි බවයි .