වෙලාව රෑ 10යි ⏰
ස්ථානය මොනරාගල හුලංදාව පොලිස් මුරපොළ
යාලුවෙක්ගෙ ගෙදර ගිහින් එද්දි හුලංදාව මුරපලේ දී හමුදා නිලධාරියෙක් බයික් එක නතර කරා.
ඒත් එක්කම වේගෙන් ආපු තවත් බයික් එකක් නතර කරා
මහත්තයයි නෝනයි පොඩි අත දරුවෙකුයි
ළමයා හයියෙන් අඩනවා.හමුදා නිලධාරියා ලගට යද්දිම අර මනුස්සයා ID එක පෙන්නලා
දරුවට අසනීපයි සර්,සිරිගල ඉස්පිරිතාලෙට යනගමන් මේ
ඒ පිටිපස්සෙ හිටපු දරුවගෙ අම්මගෙ වචන
පොඩි දරුවගෙ අත අල්ලලා බලපු හමුදා සෙබලා මුරකුටියට ගිහින් බබාලව ඔතන තුවායක් අරන් ඇවිත් දරුවව ඒ තුවායෙන් වෙලුවා
´´දැන් පුංචි එකාට හුළං වදින් නෑ මිස්.නැත්නම් යද්දි බබාට තවත් අමාරු වේවි නේ.ඔයාල පරිස්සමට යන්න“
ඒ හමුදා සෙබලගෙ වචන👈
එයාල ගියාට පස්සෙ ළගට ආපු ඒ සෙබලා හිනා වෙලා මන් දිහා බලල
“මගේ දරුවත් ඔය වයසෙමයි මහත්තයා.ලබන සතියෙ නිවාඩු යද්දි කොල්ලාට අද ගත්ත තුවාය.දරුවා අඩද්දි මගේ එකා මතක් උනා”
ඒ වචන ටිකට ඇස් වලින් කදුලු ආවා.
ID බලලා පරිස්සමට යන්න මහත්තයා කියල පිටට තට්ටුවක් දැම්මේ අපිට හිතන්න දේවල් ගොඩක් ඉතුරු කරලා.ඒ වචන වල තියෙන්නෙ අම්මා තාත්තගෙ වචන වල තියෙන තරම් මහා ලෙන්ගතුකමක්
දුර පැතිවල මාස ගණන් තමන්ගෙ උන්ගෙන් දුරස් වෙලා අදුරන් නැති දන් නැති අපි රකින්න උන් කන කට්ට හිතා ගන්නවත් බෑ බන්.
උඹල කියන ඒ ආමිකාරයා උගේ ලේවලින් ඉපදුන එකා රකින එකට වඩා අපි රකින්න මාර ගේමක් දෙනවා බන්🙏
දවසෙම කට්ට අව්වේ හිටගෙන ඉදලා මේ විදියට මිනිස්සුන්ට මනුස්සකම දෙන උඹලා මිනිස්සු නෙවෙයි බන්.උඹල දෙව්වරු
හැමදාමත් ආදරෙයි උඹලට
සැබෑ පියෙකි දරු දහසකී… ❤️❤️❤️
Asela Nuwan ගෙන් උපුටා පලකරන ලද්දකි