කාටවත් හිරිහැර කරන්න එපා ! මියගිය අයට කරන ලොකුම ගෞරවය ඒකයි! කාර්දිනල් හිමි යළි අවධාරණය කරයි !

0
62

IMG-20190806-WA0067IMG-20190806-WA0060මීගමුව  කටුවපිටිය  දෙවස්ථානයට  යන  සෙබස්තියන්  මාවතේ  ඇති  සෙබස්තියන්  මුනිදුන්ගේ  පිළිරුව ආවරණය කර තිබුණි විදුරු කූඩුවට   ඊයේ  රාත්‍රියේදී  කිසිවෙකු  විසින්  ගලකින්  කළ    පහරදීමක්   නිසා  එහි  ආරක්ෂාවට  තිබූ  වීදුරුව  බිදී  තිබින.
අද  උදේ  මෙම  ස්ථානයට  එක්රොක්වූ  පිරිස  ක්‍රමානුකූලව  වැඩිවීමත්  සමගම    උනුසුම්  තත්වයක්  නිර්මාණය  වු අතර  මේ පිරිස පාලනය කිරිම සදහා  පොලීසියට එතරම්   වුවමණාවක්  තිබුණ බවක් දක්නට  නොතිබින.
තැනින් තැන  සිටි  පිරිස්  පළකල  අදහස  වූයේ  මෙය  ජාතීන්  ඇනකොටා  ගැනීම  උදෙසා  ඇටවූ  උගුලක්  බවත්,  ඒනිසා  ඈතට  යානොදී  සාමකාමීව  මෙය  විසදා  ගතයුතු  බවත්ය.

නමුත්  එම  අදහසට  වෙනස්ව  යමින්  සුළු පිරිසක්  ජාතිවාදී  විෂ  ඇවිස්සීමේ  කටයුත්ත  සදහා   කැස  කවන  ආකාරය දැකිය හැකිවිය.
මින්  කිහිප දෙනෙකු   මුස්ලිම්  කඩ  වසා  දැමීමේ  අරමුණින් එකට  පෙළ  ගැසින.
මේ  අනුව    අසල  ඇති  බිත්තර  කඩයකින්  ආරම්භ  කරමින්  කඩවල්  6 ක්  පමණ  වසාදැමීමට  සමත්වූ  මොවුන්        පාර  අවහිර  කරමින්,  වහසිබස්  දොඩමින්  උන්මත්තකයින්  සේ   හැසිරෙද්දී  පොලීසියට  ඒ  දෙස  බලාසිටිනු  හැර  කිසිවක්  කළ  නොහැකි  විය.
සුළු  පිරිසක්  අතට  සටන්පාඨ   ලියන ලද    පිකට්  බෝඩ්   ලැබින.  සිංහලයනි එක්වව් යන පාඨයද මේ ඇතැම් පුවරුවල විය .
තමන්ට  අවශ්‍ය  අරමුණ  ඉටුකර  ගැනීමට  පිළිරුවේ  වීදුරුව  බින්ද  ආකාරයෙන්ම  සමගිය  බිදීමට  කටයුතු  පෙළ  ගැසෙමින්  තිබින.

අගරදගුරු  හිමියන්  පැමිණියේ  මෙම  උණුසුම  අතරතුරදීය.
උන්වහන්සේගේ    අදහසත්,  ඉහතකී  පිරිසගේ  හැසිරීමත්  අතර  ඇත්තේ  පරස්පරයකි.  නමුත්  මෙසේ  හැසිරී  ඇත්තේ  භක්තිමත්  කතෝලිකයින්ද ?

. උන්වහන්සේ  පැවසූ  අදහස  වචනවලට  පෙරළුනේ  මෙසේය.

“  කරුණාකරල  කාටවත්  අත උස්සන්න  එපා.  අපි  එදා ඉදල  පෙන්නපු  ආදර්ශය  අදත්  පෙන්නමු.  ඒක තමයි  අපේ  ඔය  මියගිය  සහෝදර  සහෝදරියන්ට   දෙන්න  පුළුවන්  ලොකුම  ගෞරවය.  අපි  ඒ අය  වෙනුවෙන්  කාටවත්  කරදර  නොකර  සාමයෙන්  ජීවත්වෙන එක  තමයි  ඒ  මියගිය  අයට  දෙන්න පුළුවන්  ලොකුම  උපහාරය  සහ  ගෞරවය. 

මීගමුව තුල සාමය කඩකොට ගිනි අවුලුවන්නට කැසකවන පිරිසක් සිටින බව කලක පටන් වරින් වර නිරික්ෂණය කළ හැකිව තිබේ.
එබැවින් සැබෑ කිතුනුවන් විසින් කළ යුතුව ඇත්තේ කාර්දිනල් හිමියන් වදාල පරිදි මහත් වු විනාශයක් අත්දැක්කද සාමයේ දෑත් දිගුකළ අන්දමින්ද හෙටද එසේ කරන ලෙසය.
එසේ වන්නේ නම් පමණක් ජාතිවාදින් අත්ලොස්සකගේ සැගවුණ න්‍යාය පත්‍රය පරාජය කළ හැකි වනු ඇත.