කාන්තාවකගෙන් පහර කෑ රිදිගම රාජකීය විදුහලේ සිසුවියන් රෝහලේ

0
39

පෙබරවාරි 03 වනදා  කුරුණෑගල රිදීගම රාජකීය විදුහලේ සිසුවියන්  4 දෙනෙකුට  පිටස්තර කාන්තාවක් විසින් පාසල තුළදී පහරදීමක් සිදුකර ඇති බවත් ඒ හේතුවෙන් මේ වනවිට ඔවුන් රෝහල් ගතකර ඇති බවත් පාසල් ආරංචි මාර්ග සඳහන් කරයි.  මෙම පහරදීමට හේතුව  පාසල් වේලාව තුළදී  පාසල් සිසුවියන්  ක්‍රීඩා කරමින් සිටියදී බෝලය විසිවී පාරේ ගිය කාර් රථයකට වැදීම නිසා එම රථයේ වීදුරුවක්  බිදීයාමයි. පසුව මෙම මොටර් රථයේ අයිතිකරුවන් වන කාන්තාවක් සහ   ඇගේ සැමියා  පැමිණ පාසලේ විදුහල්පතිවරයා සමග ද උරණ වී වන්දි ඉල්ලා ඇති අතර විදුහල්පතිවරයා පවසා ඇත්තේ  පාසලට දීමට මුදල් නැති නිසා රක්ෂණ ආයතනයෙන් වන්දි ලබාගැනීමට උදව් කරන  බවයි. එයින්  සෑහීමකට පත්නොවූ මෙම කාන්තාව එම සිදුවීමට සම්බන්ධ සිසුවියන්  4 දෙනාට පහරදි තිබේ. පසුව ඊයේ  රිදීගම පොලීසිය විසින් මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වනවිට ඇයට ඇප ලබාදිමේ සූදානමක් ද ඇති බව ප්‍රෙද්ශයෙන් වාර්තා වේ. මෙම කාන්තාව  කුලියාපිටිය විශ්ව විද්‍යාලයේ  ප්‍රධානියෙකුගේ ලේලියක් බවද වාර්තා වන අතර  එම නිසා ඇයට  නීතියෙන් රිංගා යාමට යම් උසස් නිලධාරින් පොලීසියට බලපෑම් කරන බවද වාර්තාවේ. teacher