කාන්තාවකගේ රන් ආභරණ කොල්ලකෑ කල්ලිය තවමත් නිදැල්ලේ

0
354

gold jew(8.37 pm) මීගමුව   ,  පෙරියමුල්ල  ප්‍රදේශයේ   මඤ්ඤොක්ක  හේනට  හැරෙන  තැන  ඇති  පාලම  ආසන්නයේදී  පසුගිය  දිනෙක  සිදුවූ  අපරාධයක්  සම්බන්ධව  අපි  මීපුර  වෙබ්  අඩවියේ  පළ කලෙමු.   තමන්  ආරක්ෂක  අංශයේ  බව  සඳහන්  කරමින්  ත්‍රිවීල්  රථයකින්  පැමිණ පාරේ  ගමන්  කරමින්  සිටි  කාන්තාවක්  බලහත් කාරයෙන්  ත්‍රීවීලයකට  නංවා  ගෙනගොස්   රන්ආභරණ  සියල්ල  ගලවා  ගනිමින්  ඇය  බෝලවලාන  ප්‍රදේශයේ  තැනක  දමා  යාම  මෙම  සිදුවීමයි. මෙය  සිදුවූයේ  පෙබරවාරි  මස මැදය. අප අප වාර්තා කළේ   පෙබරවාරි  22දිනය.   මේ  මාර්තු  8ය.   මෙය  සිදුවී  කල්ගතවූ  නමුත්   අදාල  පුද්ගලයින්  සොයාගැනීමට  පොලීසියට  නොහැකිවී  ඇත.  ඒනිසා  මේ  ගැන  දැනගැනීමේ  අදහසින්  මීගමුව  පොලීසියට  ගියද   අපරාධ  අංහයේ  ස්ථානාධිපති  වරයා  නොසිටි  හෙයින්  අදාල  විස්තරයක්  ලබාගැනීමට  නොහැකි  විය. එනමුත්  අසල  සිටි  වෙනත්  නිලධාරියෙකු  ප්‍රකාශකළේ  මේ  ගැන  තවමත්  පරීක්ෂණ  කටයුතු  සිදුවෙමින්  පවතින  බවය. ඒ  අනුව  ත්‍රිවීල්  එක  හමුවී  ඇති  නමුත්,   අපරාධකරුවන්  තවමත්  සොයාගත නොහැකි වූ බවත්,   පරීක්ෂණ  කටයුතු  සිදුවෙමින්  පවතින  හෙයින්  වෙනත්  විස්තර  පැවසීම  අපහසු   බවත්  ඔහු  පැවසීය. ආරක්ෂක  කැමරා  තිබුනු  හෙයින්  ත්‍රිවීලයේ  අංකය  සොයාගැනීමට  පොලීසියට  හැකිවී  ඇතිබව  අපි දනිමු.

මෙය මෙවැනි  සිදුවීම්  සිදුවූ  පළමු  අවස්ථාව  නොවේ.  නමුත්  මෙවැනි   සිදුවීම්  හරහා  මතුවන්නේ  නරක  චිත්‍රයකි.  දැනටමත්  හෙරොයින්  වැනි මත් කුඩු,  ඒමත  සිදුවන  අපරාධ,  චේන්  කැඩිලි,  අපචාර , පවුල්  ආරවුල්  ආදිය  ගැන  නිතර  අසන්නට  දකින්නට  ලැබේ.  මේ  නිසා  මේ පිළිබඳව  නීතිය  ක්‍රියාත්මක  කිරීමේ  වැඩි වගකීමක්  ඇත්තේ  පොලීසියටය.  තත්වය  මෙසේ  හෙයින් අප  ඉල්ලා  සිටින්නේ ඉතා  ඉක්මනින්  ඉහත  සඳහන්  අපරාධය  ගැන  සොයා බලා  එම  අපරාධකරුවන්  නීතිය  ඉදිරියට  ගෙනඑන  ලෙසය.