කාන්තාවන් දේශපාලනයට පැමිණීමට 25% අනුපාතය පමණක් සෑහෙන්නේ නැහැ ,සමාජය තුළ ශක්තිමත් දේශපාලන සංස්කෘතියක් තිබිය යුතුයි

0
111

DSCF2607

දේශපාලන ක්ෂේත්‍රය තුළ කාන්තා නියෝජය වර්ධනය කිරීම උදෙසා වන  ජාතික ප්‍රතිපත්තියක් සැකසීම සදහා වූ වැඩමුළුවක් අද මීගමුව ජෙට්වින් බීච් හෝටලයේදී පැවැත්වීණි. මෙම වැඩමුළුවේ ප්‍රධාන අමුත්තා ලෙස පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සහභාගී වූ අතර ඔහු විසින් මෙම වැඩමුළ සමාරම්භක ‍දේශනය පවත්වන ලදී.
සභාව අමතමින් ඔහු කියා කියා සිටියේ  ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළට  කාන්තාවන්ට සහභාගීවීමට 25% ක ප්‍රතිශතයක් වර්තමාන රජය විසින් ලබාදුන්නද ඒ සදහා තවත් කොන්දේසි ශ්‍රී ලංකා සමාජය තුළ සම්පූර්ණ විය යුතු බවයි. ලංකාවේ දේශපාලනය තුළ සිටින බහුතරයක් දේශපාලන කාන්තාවන් පවුල් දේශපාලන පසුබිම තුළ නායකත්වයට පැමිණි අය වන අතර  අනෙක් කාන්තාවන් උගත් කාන්තාවන් වුවත් ඔවුන්ව පාලන බලයට ගෙන ඒමට ලංකාවේ කාන්තාවන් පවා ජන්දය දී ඇත්තේ අඩුවෙන් බව අමත්‍යාවරයා සදහන් කළේය. එමෙන්ම ලංකාව වෙනත් රටවලට වඩා දේශපාලන වශයෙන් ඉතා නරක අපිරිසිදු තත්වයක තිබෙන බැවින් මෙවැනි ක්ෂේත්‍රයකට කාන්තාවන්ට පැමිණීමට ලේසි පහසු නොවන බවත් ඒ සදහා ශක්තිමත් සමාජ හා සංස්කෘතික තල්ලුවක් කාන්තාවන්ට අවශ්‍ය බවත් ඔහු විසින් තවදුරටත් සදහන් කරන ලදී.
මෙම වැඩමුළුවට නියෝජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ,පා.මන්ත්‍රිනී තුසිතා විජේමාන්න, පා.මන්ත්‍රීනී ශ්‍රීයානි විජේවික්‍රම,දකුණු ආසියානු මහ කොමසාරිස් රඛීනා පී මාකස්, ගගගගව්‍යාපෘති නිලධාරිණී තුසිතා පිලපිටිය, පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් කමල් පද්මසිරි පළාත් සභා මන්ත්‍රිනී ශාන්තිනි කෝන්ගහගේ  සහභාගී වූ අතර විවිධ සිවිල් සංවිධාන හා මාධ්‍යවේදීන් ද සහභාග වී සිටියහ. සංවිධානය හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් සංවිධානය කර තිබූ අතර විවිධ සිවිල් සංවිධාන හා මාධ්‍යවේදීන් ද සහභාග වී සිටියහ.  මෙම වැඩමුළුව ශ්‍රී ලංකා පළාත් පාලන ආයතනය හා USAD සංවිධානය සහ ප්‍රජාතන්ත%වාදී රාජ්‍ය පාලනය සහ වගවීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය විසින් සංවිධානය කර තිබුණි.