කාන්තා අයිතීන් සුරැකීම වෙනුවෙන් මීගමුවේදී උද්ඝෝෂණයක්. …..

0
370

 

කාන්තා අයිතවාසිකමි සුරැකීම වෙනුවෙන් සංවිධානය කර තිබූ උද්ඝෝෂණයක් අද එනම් 2024/08/26 වැනි සඳුදා  පෙරවරුවේදී  මීගමුව බස් නැවතුම් පල ඉදිරිපිදී පැවැත්විණි.  මෙම උද්ඝෝෂණය පැවැත්වූයේ ” සිසුල්යා” අධ්‍යාපන ආයතනයේ වෘත්තීය පුහුණු  අධ්‍යයන අංශයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පාඨමාලාව හදාරන  සිසු සිසුවියන් පිරිසක් විසිනි.

මෙම උද්ඝෝෂණයට සහභාගි වූ සිසු සිසුවියන් ප්‍රකාශ කළේ මෙරටේ කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් සමාජය විසින් උල්ලංඝනය කර ඇති බවයි. කාන්තාවන්ට හිමි අයිතිවාසිකම්   සහ සමාජය තුළ ඔවුනට හිමි නිසි තැන   ලබාදීමට සමාජයේ වෙසෙන සෑම කෙනෙක්ම උත්සුක විය යුතු බව මෙම උද්ඝෝෂණයට සහභාගි වූ බොහෝ දෙනෙකුලේ ඉල්ලීම විය.

එලෙසම ගෘහස්ථ හිංසනය , ස්ත්‍රී දූෂණය මෙන්ම සමූහ දූෂණය ආදී සමාජ විරෝධී ක්‍රියාවන් තුලින් හිංසනයට ලක් වන සහ අසාධාරණයට ලක්වන කාන්තාවන්ට යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය  සමාජය තුළ  ගැටලුකාරී බව මෙම උද්ඝෝෂකයන්ගේ අදහසයි .කාන්තා ව්‍යවසායකත්වය පිළිබඳව කතා කරන පාලකයින් එලෙසම සමාජය තුළ හිංසනයට මෙන්ම අසාධාරණයට  ලක්වෙන කාන්තාවන් වෙනුවෙන් නීති සම්පාදන ක්‍රියාවලියේදී එම කාන්තාවන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියා කළ යුතු බව මෙහිදී ඔවුන් වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

          මෙම උද්ඝෝෂණය සම්බන්ධීකරණය කර තිබුණේ සිසුල්යා අධ්‍යාපන ආයතනයේ මානව සම්පත් කළමනාකරණය පිළිබඳ පාඨමාලාව මෙහෙයවන මීගමුව පුරවරයේ පෞරුෂ සංවර්ධන දේශකයෙකු , මෙන්න අධ්‍යාපන මනෝ උපදේශකවරයෙක් සහ ගුරුවරයකු ලෙසද  එලෙසම සමාජ ක්‍රියාකාරියෙකු ලෙසද ප්‍රකට දේව සමීර නානායක්කාර මහතා විසිනි.
                    මෙහිදී  උද්ඝෝෂණයේ නිරතව සිටි  මෙම මානව සම්පත් කළමනාකරන වෘත්තීය පුහුණු පාඨමාලාව හදාරන මිරිස්වත්තේ, දිනෙත්මා උත්තරංගි සිසුවිය ද අප වෙත අදහස් පළ කළේය. ඇය කියා සිටියේද  කාන්තාවන්ට සිදුවන විවිධ හිංසාවන් ,අතවර සහ  අයිතිවාසිකම් උල්ලංඝනය වීම් වැනි සමාජ විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන්ට නතුවන කාන්තාවන් වෙනුවෙන් ලංකාවේ නීතිය තුල  කොතෙකුත් නීති ප්‍රතිපාදන ඇතත් ඒවා නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවයි. එවැනි තත්ත්වයක් තුළ වැරදිකරුවන් නිදැල්ලේ සිටින බවද  ඇය පවසයි. එහිදී වැඩිදුරටත් අය සඳහන් කළේ එම වැරදිකරුවන්ට දඩුවම් පැමිණවීමටත් නැවත එවැනි ක්‍රියාවන් සමාජය තුළ සිදු නොවීමටත් සමාජය දැනුවත් කරලීමට මෙම උද්ඝෝෂණය පැවැත්වූ බවයි.