කාන්තා දිනය සැමරීමට කාන්තා කාර්යමණ්ඩලයෙන් පමණක් සමන්විත ගුවන්යානයක්

0
100

084ab9c1b5287fdeec0e96bf7b5ad1dc

හෙට (08)දිනයට යෙදෙන ලෝක කාන්තා දිනය සැමරීම සදහා කාන්තා කාර්යමණ්ඩලයකින් පමණක් සමන්විත එයාර් ඉන්දියා ගුවන් යානයක් හෙට දිනයේදී මෙරටට පැමිණීමට නියමිතය. එලෙස පැමිණෙන ගුවන් යානය නැවතත් ඉන්දියාවට ගමන් කිරීමට නියමිත අතර ඒ අවස්ථාවේදීද ගුවන්යානයේ සියළු කටයුතු භාරව කටයුතු කරනු ඇත්තේ කාන්තා කාර්යමණ්ලය විසිනි.

මෙහිදී මෙම ගුවන්යානය චෙන්නායි සිට කටුනායකට හා කටුනායක සිට නැවතත් නව දිල්ලිය ලබා ගමන්කිරිමට නියමිත අතර කපිතාන් වී.රූපා හා කපිතාන් නිමීෂා ගෝයල් මෙම අවස්ථාවේදී ගුවන්යානය පදවනු ඇති. ලෝක කාන්තා දිනය සැමරීම සදහා ශ්‍රීලංකාව විසින්  ගත් මෙම ක්‍රියාමාර්ගය මේ වන විට සියළුම ලෝක ප්‍රජාවගේ පැසසුමට ලක්ව ඇත.