කාන්තා රැදවියන්ට නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පල්ලන්සේන බන්ධනාගාරය තුල ස්ථාපිත කෙරේ !

0
333

FB_IMG_1605014126889

බන්ධනාගාරතුල කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සදහා ගත හැකි කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදව පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස වෛරසය ආසාදනය වූ කාන්තා රැදවියන්ට ප්‍රතිකාර කිරීම සදහා මෙන්ම ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය කිරීම සදහා මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය කාන්තා රැදවියන්ගේ නිරෝධායන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ උපදෙස් පරිදි බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් කටයුතු කරන ලදි.

ඒ සදහා අවශ්‍ය ඇදන්, මේට්ට, කොට්ට, බෙඩ්ෂීට් අතුළු වෛද්‍ය උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහයෝගයෙන් ලබාදී ඇති අතර කාන්තා රැදවියන් 240කට මෙහි නිරෝධායන සහ ප්‍රතිකාර කිරීමට ඉඩපහසුකම් සලසා ඇත.

ජාත්‍යන්තර රතුකුරුස සමාජය විසින්ද මෙම කටයුතු සදහා සහයෝගය ලබාදෙමින් කාන්තා රැදවියන් සදහා අවශ්‍ය අත් වැසුම්, මුව ආවරණ, විෂබීජහරණය සදහා උපකරණ, ඇදුම් ඇතුලු උපකරණ තොගයක් පල්ලන්සේන බන්ධනාගාර පරිශ්‍රයේදී රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වෙත අද දින බාරදෙන ලදි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් වෛද්‍ය අතපත්තු, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, කොමසාරිස් පුනරුත්ථාපන චන්දන ඒකනායක, කොමසාරිස් බුද්ධි මෙහෙයුම් තුසිත උඩුවර, බන්ධනාගාර සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත රණසිංහ, පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ සහකාර අධිකාරී ජීවක ඉන්ද්‍රජිත් යන මහත්වරු සමග ජාත්‍යන්තර රතුකුරුස සමාජයේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක්ද එක්විය.

(මුලාශ්‍රය – සුදර්ශණි ප්‍රනාන්දුපුල්ලේ ඇමතිවරියගේ ෆේස් බුක් පිටුවෙනි )