කාන්තා ව්‍යවසාය සංවර්ධනයට හර්ෂණගෙන් අතහිත

0
83

16195274_10154978054931098_3480282201809715064_n ස්වයං රැකියා පුහුණු පාඨමාලා සම්පුර්ණ කිරීම වෙනුවෙන් සහතික පත්‍ර ප්‍රදානයක් හා කටාන ආසනයේ අවමංගලාධාර සමිති අටක් සදහා පුටු බෙදා දීමේ උත්සවයක් ගරු හර්ෂණ  රාජකරුණා මැතිතුමාගේ හා නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ දිනයේ (29 වන ඉරුඳින ) කොච්චිකඩේ මානවෙරිය සැපිඩ්මා උත්සව ශාලාවේදී පැවැත්විණ. 16387082_10154978056511098_1757582603996002206_n 16299274_10154978055201098_5681523362767966942_n
උත්සව අවස්ථාව ඇමතු ගරු හර්ෂණ රාජකරුණා මන්ත්‍රී තුමා කියා සිටියේ මාර්ග සංවර්ධනය වැනි ගතානුගතික වැඩසහන් පිලිබදව පමණක් නොව කාන්තා ව්‍යවසාය සංවර්ධන වැඩසටහන් පිලිබදව අවධානය යොමු කර සිටියයුතු බවයි.
තවද මෙහි සංවිධානය කර තිබු ප්‍රදර්ශන කුටි වල හොඳම නිර්මාණකරුවන් ඇගයීමට ලක් කිරීම සදහා ත්‍යාග පිරිනැමීමක්ද සිදු විය .
මෙම වැඩසටහන පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු ප්‍රතිපාදන අනුග්‍රහයෙන්  හා  තොරතුරු තාක්ෂණ හා  ඩිජිටල්  යටිතල පහසුකම් අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතාගේ උපදේශක හා එ .ජා .ප තරුණ වෘතීයවේදීන්ගේ සංගමගේ උප සභාපති ගරු නිෂාන් ප්‍රනාන්දුපුල්ලේ  මහතාගේ මැදිහත් වීමෙන් සංවිධානය කරනු ලැබූ වැඩසටහනකි.

මහේෂ් ප්‍රනාන්දුපුල්ලේ