කාන්තා හිංසනයට ‘රික්ෂෝ‘ විරෝධය.

0
415

rickhsaw1-800x450

rickhsaw1-2බංගලාදේශයේ ඩකා අගනුවර ඉතාමත් ප්‍රසිද්ධ අංගයක් තමයි රික්ෂෝ කියන්නේ.ඒ සදහා එලෙස විශේෂ අවධානයක් ලැබිල තියෙන්නේ ඒ රථවල බාහිර ආවරණ වල ඇති වර්ණවත් බව නිසාමයි. බංගලාදේශයට පැමිණෙන සංචාරකයන් මෙන්ම එරට ජනතාවගේද ප්‍රවාහන කටයුතු වල පහසුව සදහා මෙම රික්ෂෝ රථ 1940 සිට භාවිතා කර තිබුණත් ඉන් ඔබ්බට යමින් ප්‍රවාහනයත් සමගම සමාජයට පණිවිඩයක් සැපයීමට මෙම රික්ෂෝ රථ යොදා ගැනීමක් පිළිබදව බංගලාදේශයෙන් අපිට වාර්ථා වෙනවා.

කන්තාවන් බලගැන්වීම,නායකත්වය ලබා දීම හා කාන්තා අයිතීන් වෙනුවෙන් කටයුතු කරන 2011 වසරේදී ආරම්භ වූ Meye නම් සංවිධානයක් තමයි මේ සඳහා මුල පිරීම කරල තිබුණේ. මේ වසරේ අප්‍රේල් මුල් සතියේදී එම සංවිධානයේ කාන්තාවන් 50කින් පමණ සමන්විත පිරිසක් රික්ෂෝ රථවල ආවරණයන් විවධ වර්ණ වලින් වර්ණ ගන්වමින් ඒවායේ කාන්තා හිංසනයට හා කන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන අයුක්ති සහගත ක්‍රියාවන් වලට එරෙහිව වැකි ප්‍රදර්ශණය කරමින් ඒ සදහා විරෝධය පල කිරීමට කටයුතු කර තිබුණා.

මෙලෙස විරෝධතාවක්  සංවිධානය කිරීමට මුල් වී ඇත්තේ මේ වන විට බංගලාදේශය තුල සීඝ්‍රෙයන් වැඩිවෙමින් පවතින ස්ත්‍රී දූෂණයි. එහිදී දූෂණයට ලක්වන ස්ත්‍රීය සමාජයේ දැඩි ලැජ්ජාවට හා ප්‍රශ්ණ කිරීම් වලට ලක් වෙනවා.එලෙසම මාර්ගවලදී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන හිරිහැර වල වැඩිවීමක්ද දක්නය ලැබෙන අතර එර සිදුකරන ලද සමීක්ෂණයකින් හෙලිවී ඇති පරිදි විවාහක කාන්තාවන්ගෙන් 87%ක් තමන්ගේ ස්වාමිපුරුෂයා අතින් කුමන හෝ ආකාරයේ හිරිහැරයකට ලක්වන බවටත් හෙලිවී තිබෙනවා. මේ නිසා මේ ආකාරයෙන් මේ තත්ත්වය දිනෙන් දිනම දරුණ වන නිසා මෙම සංවිධානය ඒ පිලිබඳව තම විරෝධය පල කිරීමට මේ මාර්ගය තෝරාගෙන තිබෙනවා. ඔවුන් මෙම ව්‍යාපාරය මගින් සමාජයට දීමට උත්සාහා කරන පණිවිඩය වන්නේ  කාන්තාවක් දූෂණයට ලක්වූ අවස්ථාවන් වලදී ලැජ්ජා විය යුත්තේ කාන්තාව නොව  එය සිදුකරන්නා බවයි.

මේ ආකාරයට විවිධ ආකාරයේ වැකි සදහන් කරමින් ඔවුන් කළ මේ ක්‍රියාවට අදා ජායාරූප කිහිපයක් පහත ඇත.

rickshw

rickshw2
“We have to protest to stop the crimes.” Photo: Navida Ameen Nizhu.

 

rickshw3
“নজর সামলে রাখুন” – “Check your indecent stare”. Image by Trishia Nashtaran.

 

rickshw4
“The shame is for the rapist not the victim.” 2) “If you insult a woman, you insult the nation.” Image by Navida Ameen Nizhu.
rickshw5
“You cannot love without consent.” Photo by Navida Ameen Nizhu.

 

https://globalvoices.org ඇසුරිණි.