කානුව කටානට, අනතුර සැමට…

0
471

 

IMG-20201204-WA0002

( 11.15 am ) මීගමුව , මහහුනුපිටිය ප්‍රදේශයේ සිට දිවෙන ශා. මරියා පාර අවසන් වන්නේ දිවුලපිටිය පාරෙනි.
මෙම පාරවල් මුණ ගැසෙන ස්ථානය අසල ඇති කානුව කැඩී අනතුරු දායක වලක් නිර්මාණය වී ඇත. මෙය ශ්‍රී කුරුස දේවස්ථානයට යන පාරත් සමඟ කඩ සාප්පු කිහිපයක්ද සහිත මංසන්ධියකි.

එසේම නිතර වාහන ගමන්කරන, ජනයා ගැවසෙන තැනක් වන බැවින් දැඩි කලබලකාරී බවක්ද ඇත. මේ අනුව ඕනෑම අවස්ථාවක වාහන හෝ පාරේ ගමන් කරන අය හෝ අනතුරකට ලක්වීමේ ඉඩකඩ වැඩිය.

කානු සහ මාර්ග සංවර්ධනය ගැන කටාන ප්‍රාදේශීය සභාවේ පවතින දැනුම සහ උනන්දුව පිළිබඳව අප මීට පෙරද සඳහන් කර ඇත. සෙල්ලකන්ද පාරේ ගංවතුර බැසයාම සඳහා සකස් කර ඇති අක්‍රමවත් කානුව ඊට හොඳම නිදසුනකි.

මෙවැනි අවධානම් ස්ථාන වැනි පොදු ප්‍රශ්ණ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානයට යොමුකර ගැනීම ඉතා අපහසු කටයුත්තකි. නමුත් අප මෙම ප්‍රශ්ණ යොමු කළ යුත්තේද අදාල බලධාරීන්ටය. එබැවින් මෙකී ස්ථානයෙහි ඇති අනතුරු දායක බව ගැන විමසා බලා කැඩුනු තැන වසා දමා නැවත පිළිසකර කරන ලෙස අප අවධාරණය කර සිටිමු.

සැම්සන් ඥානසිරි