කානු උඩ කඩ හැදීම හිතවතුන්ට පමණයි.

0
708

IMG-20200206-WA0002

මේ තිඹිරිගස්කටුව පංසල අසල කානුවක් උඩ හැදු තහඩු කඩයකි. මෙය අදාල වන්නේ කටාන ආසනයටය . මීගමුවේද ඕනෑතරම් මෙවැනි කානු වසා කරන ව්‍යාපාර ඇත . මේවා අනවසර නමුත් ලොකු අය ලෙහෙසියෙන් , පහසුවෙන් පහසුවෙන් ඒ සඳහා අවසර ලබාගනිති. පොඩි අයත් ඒවා ලබා ගන්නේ දේශපාලකයින්ට ගැතිකම් කරමිනි. එවැනි කටයුත්තක් සඳහා නගරසභාවේ සිටින ඉංජිනේරුවන් , තාක්ෂණ නිලධාරීන් පඩි ගෙවා පත්කර ඇති නමුත් ඔවුන්ද ඒවා සළකා බලන්නේ දේශපාලකයින්ට අවශ්‍ය පරිදිය.
පොඩි අය අතර සිටින දේශපාලන හිතවතුන්ට සමාජයේ අනුකම්පාවද ලැබෙන බැවින් , පාලකයාද එම තත්වය උපයෝගී කර ගනිමින් එය සාධාරණීකරණය කරයි .
මේ අනුව කානු වසා කොන්ක්‍රීට් ලෑලි ගැසීම , කානු පටුකර තාප්ප ගැසීම , මේ ආදී කුදුමහත් කටයුතු ඉහතකී සාධක මත සිදුවේ. නමුත් එවැනි දෙයක් ඉටුකරගැනීමට නම් තමන්ට පක්ෂපාතී පාලනයක් එනතුරු බලාසිටින පිරිසක්ද සිටී.
මේ අතර මීගමුවේ , දළුපත, පිල්ලෑව පාරේ කානුවක් උඩ විදුලිය ලබාදීමට කානූව මැද කනුවක් සිටුවා ඇත . එය සිටුවා ඇත්තේ විදුලිබල මණ්ඩලය විසිනි. මේ පිළිබඳව ප්‍රදේශවාසීන් විදුලිබල මණ්ඩලයට ගොස් පැමිණිලි කලද , එහි ඉංජිනේරු තැන හමුවී කතා කලද කිසිදු ප්‍රතිචාරයක් නොලැබින. නමුත් නැවත නැවත කරදර කිරීමේදී ඔවුන් පැමිණ එය ගලවා දමනවා වෙනුවට එය කපා දමා ගොස් තිබිනනමුත් ඉංජිනේරුවන්ගේ නීතිය හරියටම ඉටුකරන අවස්ථාද , මිනිස්සු රස්තියාදු කරමින් මගහරින අවස්ථා පිලිබඳව අත්දැකීම් ඕනෑතරම් ඇත . පාලක කාරකාදීන්ගේ බලය ඉහතකී සියල්ලට වඩා වැඩිය. නීතිය බල්ලට ගිය බව මිනිස්සු නිතර පවසන්නේ එබැවින් ය.