කානු සංවර්ධනයට මුවාවී පය බරවායට පිටිකර බෙහෙත් බඳින දේශපාලකයෝ.

0
441

IMG-20191017-WA0022දළුපත, සමගි මාවතේ කානු දමා ජලය බැස යාම සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට පොහොට්ටුවේ පිරිසක් උත්සාහ දරන බවත්, මෙය ප්‍රදේශයේ නාගරික මන්ත්‍රීනි කාංචනා මහත්මිය විසින් කලින් යොදාගෙන තිබුනු ව්‍යාපෘතියක් හෙයින් ඒ පිළිබඳව මෙම දෙපාර්ශවය අතර තරඟයක් ඇති බවත් අපට ආරංචි විය. කෙසේ නමුත් මෙම කානු මගින් ජලය ගලායාමට සලස්වන්නේතිබේ පෙත්තන් ඇලටය. පසුගිය දිනවල පැවති වර්ෂාව නිසා මෙම තෙප්පම් ඇල උතුරා යාමෙන් ඇල අවට නිවාස ගංවතුරින් යටවී එම ජනයා පීඩාවට පත්විය . දැන් මේ අය සූදානම් වන්නේ සමඟි මාවතේ කානු හාරමින් මෙම ඇලට ජලය ගලායාමට සැලැස්වීමටයි.
මෙම පෙත්තම් ඇල දිගේ කසල හිරවීමෙන් සහ සමහරු කොන්ක්‍රීට් ලෑලි දැමීමෙන් වසා ඇත . මෙම ඇල අඩි 4 කට වැඩි පලලින් යුතු වන නමුත් සමහර ස්ථාන වලදී අඩි 1 1/2 ක් වත් නැති තරම්ය . ඒනිසා ප්‍රථමයෙන්ම විය යුත්තේ ප්‍රධාන ඇල වන පෙත්තම් ඇල සුද්ධ කිරීමයි . නමුත් ඒ වෙනුවට පොහොට්ටුවේ දේශපාලකයින් විසින් මෙකී කානු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙයි.
මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කලින් අරමුණු කරගෙන සිටියේ එ. ජා. ප. නාගරික මන්ත්‍රීනි කාංචනා මහත්මියයි. දැන් මේ වනවිට මෙකී කානු සංවර්ධනය සඳහා මෙම දෙගොල්ල අතර තරඟයක් පවතින බව ප්‍රදේශවාසීන් පවසයි . පළමුව කළයුතු දේ නොකර කරන මෙවැනි වැඩ නිසා පීඩාවට පත්වන්නේ ද අවට ජනතාවම බව මොවුන්ට නොතේරෙනවා නොවේ. මුදල් අනුමත වන්නේ කානු, බෝක්කු ආදිය සඳහාය. එබැවින් ජනතාවගේ පීඩාවට වඩා අතට ලැබෙන මුදල මොවුන්ට වැදගත්ය . නමුත් මේ වැඩ නිසා ඇල දිගේ ඇති නිවාස වල ජනයා හට ගහෙන් වැටුනු මිනිහාට ගොනා ඇන්නා සේ තිබුනු තත්වය තවත් වැඩිවන බව පැහැදිළිය.
එබැවින් පළමුව මෙම ප්‍රධාන ඇල සුද්ධ කරන මෙන් අප අවධාරණය කරන්නෙමු .