කාමච්ඩෝඩේ කඩ කැඩිල්ලේ කොමිස් කථා සහ එජාප මන්ත්‍රිලා?

0
296

කාමචෝඩේ ප්‍රදේ්ශයේ මිරිස් කුඩු අලෙවි සැලක බදුකරු වසර 46 ක් තිස්සේ එහි සිය කඩය පවත්වාගෙන ගොස් ඇති අතර එම කඩයේ අයිතිකරුට බදුකරුගෙන් මෙම කඩය නැවත ලබාගැනිමට අවශ්‍ය වි තිබුණි.

කොමිස් කථා

එ කටයුත්තේ කොන්ත්‍රාත්තුව ලක්ෂ ගණනකට එජාප මන්ත්‍රිවරයෙකු විසින් ලබාගෙන තිබුන බව කියැවේ .
එ අනුව අදාල කොන්ත්‍රාත් මන්ත්‍රි සිය ඩීල් ස්වාමියා වු මිගමුව නගරාධිපති සමගින් එය සැලසුම් කරන්නට ඇතැයි සැක කෙරෙන අතර මහනගර සභාවට මේ කඩ කැඩිල්ල සිදුකිරිමට නිතිමය අයිතියක් නැතිව තිබියදි පවා තුන්වෙනි පංතියේ නාගරික කොමසාරිස්වරිය මෙන්ම තාක්ෂණ නිළධාරින යමුනා නැමැත්තිය ඇතුලු පි‌රිස පසුගිය දා බැකෝ රැගෙන පැමිණ කඩය කඩන්නට සුදානම් වුවද එහිදි මතුවු විරෝධය මැද අකුලාගෙන යන්නට සිදුව තිබුණි.
ඉන්පසු මේ කලබලයට අදාලව ක්‍රියාත්මක වු මිගමුව පොලිසිය මේ වෙනුවෙන් නඩුවක් ගොනු කර තිබුන අතර එ නඩුව සැබැවින්ම බදුකරු සහ කඩේ හිමිකරු අතර වු එකක් මිස මහනගර සභාව සම්බන්ධ එකක් නොවන බව නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන කියා සිටි.
ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මෙම සිදුවිම අරභයා නාගරික කොමසාරිස්වරිය කටයුතු කර ඇත්තේ පළාත් පාලන නීතිය ගැන කිසිදු අවබෝධයකින් තොරව බවය.

නීතිය නොදන්නා නාගරික කොමසාරිස්වරිය

මෙම කඩය කඩන බවට නාගරික කොමසාරිස්වරිය විසින් අදාල බදු කරුට එවන ලද ලිපිය පවා ඔහු වෙත ලැබි තිබුනේ ඊයේ දිනයේ බවය. එමෙන්ම නාගරික මන්ත්‍රි කපිල කියා සිටින්නේ මෙම කඩකැඩිල්ලට අදාල නාගරික කොමසාරිස්වරිය සිය නියෝගය ලිඛිතව දැනුම් දිය යුතුව තිබුනේ නාගරික ඉජිනේරුවරයා වුවද ඇය එසේ නොකොට කෙලින්ම තාක්ෂණික නිළධාරිණිය වෙත යොමුකර තිබිමද බරපතල වැරැද්දක් බව කියා සිටි.

කඩ කැඩිල්ලේ ඩීල් එක සහ එජාප නාගරික මන්ත්‍රිලා

තතු මෙසේව තිබියදි මෙම නඩුව පසුගිය 30 වනදා මිගමුව අධිකරණයේදි විභාගයට ගත් අවස්ථාවේ නාගරික කොමසාරිස්වරිය ඇතුළු නිළධාරින් කිපදෙනෙකු සමගින් මිගමුව එජාප සංවිධායක බෙන්ජමින් ප්‍රනාන්දු සහ එජාපෙන් ඡන්දය ඉල්ලා එජාපයට එරෙහිව යමින් නාගරාධිපති දයාන් ලංසා හට එළිපිට සහය පළකරමින් කටයුතු කරන සජිත් මොහාන් නාගරික මන්ත්‍රිවරයාද විය.

විපක්ෂ නායක රොයිස් විජිත උසාවි ගියේ ඇයි ?

සිය නඩුකටයුත්තක ඇප මුදල් ලබාගැනිමට පැමිණ සිටියා යැයි කියන විපක්ෂ නායක රොයිස් විජිතතද මෙහි සිටිම ගැන තවත් අය ප්‍රශ්ණ කර සිටියේ ඔහුද මෙම කඩකැඩිල්ලේ ඩීල් එකේ කොනක සිටිනවාදැයි අසමිනි.
කෙසේ වෙතත් කඩ කැඩිල්ල සැබැවින්ම කොමිස් ගැරිල්ලක් බව එහි ගොස් සිටි එජාප නාගරික මන්ත්‍රිලා දුටු විට තවත් පැහැදිලි යැයි නම සදහන් කිරිමට අකමැති පොහොට්ටු නාගරික මන්ත්‍රිවරයෙකු මිපුර අමතා ප්‍රකාශ කර සිටියේය.