‘ ‘කාමෙලා’ ෙග් ප්‍රශ්නය තියෙන්නේ අතට අහුවෙන හැම දේම කන එකයි’

0
82

ඇප්රිෂියාඩෝ කස්ටාල්ඩෝ විශ්‍රාමික ගල් කපන්නෙක්. ජීවත්වෙන්නේ බ්‍රසීලයේ ජුන්දියි ප්‍රදේශයේ. ඔහු  74 වියැති වැන්දඹු ස්වාමි පුරුෂයෙක්.  මෙයාගේ අලුත් ආදරවන්තිය තමයි
” කාමෙලා”.
කාමෙලාට කොච්චර ආදරේද කියනවා නම් ඇප්රෙෂියාඩෝට ඕනා වුණා කාමෙලා ව විවාහ කර ගන්ඩ.  කතාවේ ලියන්නාට අනුව අතීතයේදීත් මිනිස්සු සතුන්ව විවාහ කරගෙන තිබෙනවා. නමුත්  ක්‍රිස්තියානි අමාත්‍යවරයා විවාහ මංගල්‍ය උත්සවයක් නම් ගන්ඩ එකග වෙන්නේ නෑ.  ඒ නිසා කාමෙලාටයි – ඇප්රිෂියාඩෝටයි අනවාර්්‍යයෙන්ම
සාතන්ට කැපවුණ  පල්ලියක නායකයෙක් සොයා ගන්නට සිද්ධ වෙනවා.
ඔහුටත් කාමෙලාටත් පල්ලියේ පෙනී සිටින්නට නම් දේවධාර්මික කටයුතු පිළිබඳ අමාත්‍යවරයෙකුගේ අවසරය අවශ්‍යමයි. ඒ නිසා අවාසනාවට පල්ලියක් සොයා ගන්නට ලැබුණේ නෑ. කොහොම හරි  ඇප්රිෂියාඩෝ අවසානේදී   හොයාගත්තා  ටෝනියෝ ඩූ දියාබූ නම් පරණ යාලුවෙක්ව. ඔහු  තවමත් සාතන්ව වන්දනා කරන්නෙක්. ඉතින් විවාහය සැලසුම් වුණේ මධ්‍යම රාත්‍රියේදී ඉටුකිරීමටයි. ඔක්තෝම්බර් 13 වෙනිදාට දින නියම වුණා, සාන්ත පාවුලෝ වල යක්ෂයාගේ  දේවස්ථානයකදී විවාහය සිදුකිරිමට. ටෝනියෝ ඩූ කියන්නේ ඔවුන්ගේ දේවස්ථානයේ පමණයි මනුෂ්‍යයෙකුගේ  සහ සත්වයෙකුගේ විවාහ බන්ධනයකට  ඉඩදුන්නේ කියලා, මොක ද  වෙනත් කිසිවකට ඔවුන් පක්ෂපාතී නැති නිසා.
man-marries-goat-550x357

සිය දෙවන බිරිද ලෙස කාමෙලාව විවාහ කරගැනීමට සූදානම්  ඇප්රිෂියාඩෝට දරුවෝ   07 දෙනෙක් ඉන්නවා. කාමෙලා  ගැන ඔහු පවසන්නේ ,” ඇය කතා  කරන්නේ නැති වුණත් සුන්දරයි,  එයාගේ අඩුවක් මට නැහැ. ඇය ගැබ් ගන්නෙත් නැහැ. එක ගැටළුවකට තියෙන්නේ එයා අහුවෙන ඕන දෙයක්  කන එකයි.”
මේ විවාහය මේ වන විට ඒ සමාජය  තුළ යම්  විවාදයකට ලක්වී තිබෙනවා.
ඒ වගේම  සත්ව අයිතිවාසිකම්  ගැන  ප්‍රශ්නයක් තිබෙන බවද ඒ වෙනුවෙන් පෙනී  සිටින අය කියනවා.
2013 ඔක්තෝබර් 13 වනදා විවාහයෙන් පසු ඇප්රිෂියාඩෝ හිතන් ඉන්නවාලු උත්සවයක් ගන්ඩ.එදාට බාබකිවූ  කරපු  මස්  භෝජනයක් ද සූදානම් කිරීමටයි ඔහ හිතාගෙන ඉන්නේ. නමුත් ඔහුට කිසිදාක  එළු මස් නම් බාබකිව් කිරීමට නොහැකි වේවි.

man-marries-goat2
තොරතුරු අන්තර්ජාලය ඇසුරෙනි.
http://www.odditycentral.com/category/animals