කාර්දිනල් මැල්කම් හිමිගේ මත්ද්‍රව්‍ය විරෝධයට මොකද වෙන්නේ ?

0
79

FB_IMG_1519701011791(1.00pm ) ශ්‍රී ලංකාවේ කතෝලික සභාවේ කොළඹ අගරදගුරු පදිවිය විසින් පසුගිය පෙබරවාරි මස 25 දින මහා රැලියකින් ආරම්භ කල මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට කුමක් සිදුවූයේ දැයි තොරතුරක් නැත.
කෙසේ වෙතත් මෙය නියත වශයෙන්ම ඉක්මන්ව සහ කාර්යක්ෂම සිදු කිරීම කල යුතුවම තිබේ. මක්නිසාද මේ වන විට දිනෙන් දිනම මේ කාලකන්නි උවුදුර වැඩි වෙනවා මිස අඩුවීමක් නම් දකින්නට නැත. මේසදහා මීගමුව ප්‍රදේශයේ දේවස්ථාන වලට සම්බන්ධ කොටස්, ජනතා නියෝජිතයන්, දේශපාලකයින්, පාසැල් සහ සියලුම සංවිධානය ඒකරාශීවී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කල යුතුය. මේ සදහා පහත සදහන් කණ්ඩායම් වල සහභාගිත්වය ලබා ගත යුතුමය.
1. පසුගිය පාලාත් පාලන මැතිවරණය සදහා මේ ප්‍රදේශයේ තරග වැදුනු සියලුම දේශපාලකයින්.
2. ප්‍රදේශයේ දේවස්ථානවල ගරු පියතුමන්ලා.
3. ප්‍රදේශයේ පාසැල්වල විදුහල්පතිවරුන්.
4. ප්‍රදේශයේ රජයේ ග්‍රාම සහ සංවර්ධන නිලධාරීන්.
5.සමිති සමාගම් නියෝජිතයින්.
6. පොලීසිය.
7. ප්‍රදේශයේ අවදියෙන් සිටින පුද්ගලයින් සහ උනන්දුවක් දක්වන දෙමව්පියන් සහ
8. මාධ්‍යවේදීන් 2018 පෙබරවාරී 25 අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශයට පත්කල මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන ඉදිරියට ගෙන යාමට කටයුතු කරමු.

අරුණ ශාන්ත නෝනිස්