කාර්දිනල් හිමියන් කියන රිෂාඩ්ලාගේ ඩීල් එකේ නිමල් ලංසා ඉන්න තැන …

0
80

පාස්කු ප්‍රහාරයෙන් පසු පාර්ලිමේන්තුව තුලත් ඉන් පිටතත් වැඩියෙන්ම ආවේගශිලිව කථා කරමින් කටුවාපිටියේ ජනතාවගේ එකම ගැලවුම්කාරයා යැයි පෙන්නවා දිමට හැම විටම වෙරදැරු නිමල් ලංසා කාර්දිනල් හිමියන් කියන රිෂාඩ් බදුර්ඩින්ට එරෙහිව කිසි දවසක වචනයක් වත් කථා නොකරන්නේ ඇයිදැයි මේ අවස්ථාවේදි ප්‍රශ්ණ කළ යුතුව තිබේ.

කාර්දිනල් හිමියන්ගේ පද පෙරළි මාධ්‍ය හමුවේදි රජය හා රිෂාඩ්ලා අතර ඩීල් එකක් ගැන කියැවුණි.

පාස්කු ප්‍රහාරය හිඟන්නාගේ තුවාලය කරගත් නිමල් ලංසා කිසි දවසක රිෂාඩ් බදුර්ඩින්ව විවේචනය කර ඇතැයි අපට නම් මතක නැත.

එපමණක් නොව සිය සොහොයුරාට නගරාධිපති පුටුව ලබාදිම සදහා නිමල් ලංසා පසුගිය යහපාලන කාලය තුලද යහපාලන රජයේ ඇමතිවරයෙකුව සිටි රිෂාඩ් ගේ සහය ලබාගත්තේ ඔහුගේ පක්ෂයට පළාත් පාලන මැතිවරණයේදි මිගමුවේදි ලැබුන එකම මන්ත්‍රිධුරයේ සහයද ලබාගනිමින් කටයුතු කළ අන්දම තුලද කියැවෙන්නේ රිෂාඩ්ලා සමලගින් ලංසාලාට ඇති සමිප සම්බන්ධතාවයයි.

යහපාලන රජය වෙනුවෙන් මිගමුව තුල එජාප පළාත් පාලන ආයතනයක් ස්ථාපිත කරදිමට වඩා එදා රිෂාඩ්ලා කටයුතු කළේ ලංසාගේ පවුල මිගමුව තුල බලයට ගෙනඒමටය
ඉන් එකක් පැහැදිලිය .
එනම් කාර්දිනල් හිමියන් කියන ඩීල් එක තුල නිමල් ලංසා ඉතා පැහැදිලිය සිටින බවය.
රිෂාඩ්ලා සමගින් ඩීල් පිටි ඩීල් දමමින් කතෝලිකයන් ජනතාව රැවටිමට ගන්නා උත්සාහය ගැන කාර්දිනල් හිමියන්ගේ හෙළිදරව්වත් සමගින් ඉතා පැහැදිලි වි තිබේ.