කාර්දිනල් හිමි සහ මුස්ලිම් ආගමික නායකයන් අතර මීගමුවේදි අද විශේෂ සාකච්ජාවක් !

0
541

cardinal(8.00 am ) මීගමුව තුල මේ වන විට උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් සාකච්ජා කිරිම. සදහා  කාර්දිනල් මැල්කම් රංජිත් හිමියන් අද පෙරවරුවේ මිගමුව පෙරියමුල්ලේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානයට පැමිණිමට නියමිතය තිබේ.
පසුගිය පාස්කු ඉරුදින මිගමුවේත් රටේ ස්ථාන කිපයකත් ඇතිවු අවසානාවත්ත සිදුවිම් වලදි වැඩිම ජිවිත හානියක් සිදුව තිබුනේ මිගමුවේ කිතුණු ජනයා හටය.
එහෙත් කාර්දිනල් හිමියන් ගේ මගපෙන්විම මත මිගමුවේ කතෝලික පියතුමන්ලා සහ කන්‍යා සොහොයුරියන්ද එක්ව මිගමුව තුල සාමය රැකිම සදහා සිය කතෝලික ප්‍රජාව මනා හික්මිමක පිිහිටුවා තිබුණි.
එපමණක් නොව මුස්ලිම් ආගමික නායකයන් මෙන්ම කිතුණු ආගමික නායකයන්ද මිගමුව තුලදි සාමුහිකව කටයුතු කරමින් මිගමුවටත් රටටත් ආදර්ශයක් සපයා දි තිබුණි.
එහෙත් ඊයේ ඇතිව තිබුනේ අවසානාවන්ත තත්වයකි. මේ සිදුවිම පිටුපස ඇත්තටම සිටින්නේ කව්දැයි යන්න වහාම සෙවිම රජයේ පමණක් නොව මෙතෙක් මිගමුව සන්සුන්ව තබාගෙන සිටි සියළු කිතුණු මුස්ලිම් නායකයන්ගේද ප්‍රධාන වගකිමක්ව තිබේ.
ත්‍රිරෝද රථ ගාල් දෙකක් අතර ගැටුුමක් කලබලකාරි තත්වයක් දක්වා වර්ධනය කිරිමට උල්පන්දම් දුන් පිරිස් විවිධ වාසි පතා මේ පිටුපස සිටියේද යන්න සැබැවින්ම සැකකටයුතුය.