කාර්මික දෝෂ සහිත මාරාන්තික දුම්රිය කපොලු ?

0
352

පසුගිය කාලය තුල ලංකාවේ බොහෝ අනතුරු වලට මුල් වු එක් ස්ථානයක් වුයේ දුම්රිය මාර්ග වල පිහිටා තිබුණු අනාරක්ෂිත  දුම්රිය කපොලුය.
පැරණි ක්‍රමයේ  ගේට්ටු වෙනුවට ආදේශ වු විදුලි සංඥා සහිත දුම්රිය කපොලු කෙතරම් සුරක්ෂිත ක්‍රමයක්දැයි විමසා බැලිම වටි.
මන්ද මේ හේතුවෙන් අහිමිවෙමින් ඇති ජිවිත ගණනද ඉහල යමින් ඇති නිසාවෙනි.

මේ අතර මේ ඇතැම් තැන්වල ස්ථාපිත කර ඇති විදුලි සංඡඥා සහිත කපොලු නිසි ලෙසින් ක්‍රියාත්මක නැත.
ඇතැම් ඒවා  පැය 24 පුරාම රතු දල්වාගේන සිනු නාද වෙමින් පවති. මෙය අතිශය බියකරු වෙන්නේ මේ තැන ගැන නිවරදිව තින්දුවක් ගැනිමට ඇතැම් විට ඒ හරහා යන රථ වාහන වලට නොහැකි විමයි.

ඒ ප්‍රදේශවල වෙසෙන ඇතැමුන් පුර්ව නිගමන වලට එළඹෙන්නේ ඕක හැමදාමත් එසේ යැයි කියා ඒ හරහා යාමට කල්පනා කිරිම අතිශය අනතුරුදායක තත්වයක් නිර්මාණය කර තිබේ
මෙය අතිශය මාරාන්තික වන්නේ දුම්රියක් මේ හරහා ගමන් කරන මොහොතකදි පවා ඇතැම් ප්‍රදේශවාසින් මේ හරහා සිය රථවාහන ගමන් කරවිමට පෙළඹිමයි.
මේ නිසා මේ තැන් ගැන අදාල බලධාරින් වහාම ක්‍රියාත්මක විය යුතුව තිබේ.

මේ ඡායාරුපයේ ඇති කුරණ කටුනායක ප්‍රදේශයේ දෝෂ සහිත විදුලි සංඥා දුම්රිය කපොල්ල ගැන අදාල බලධාරින්ගේ අවධානය කඩිනමින් යොමුවිය යුතුව ඇත