ඔඛේ පවුලේ තොරතුරු කෙසේද?
මම ඇන්ටනි ප්‍රනාන්දු, මගෙ බිරිඳ පී. කමලාවතී සිල්වා, අපි දෙන්නට පුතාල දෙන්නෙකුයි, එක දුවෙකුයි ඉන්නවා. මම මුහුදු රස්සාව ගැන හොඳින් දන්න ධීවරයෙකුගෙ පුතෙක්. නමුත් මම රස්සාව විදිහට විවිධ පැති ඔස්සේ යොමුවුනා. ඒ කාලෙ ඉතින් ආර්ථිකේ සෑහෙන්න අමාරුකම් තිබුනා. ඒ නිසා මාදැල් රස්සාව, විසිදැල් ගැසීම, කලපු රස්සාව වගේ විවිධ රස්සාවල් කරා.
දෙමාපියන්
මගේ පියාගෙ නම ඩී. මනුවෙල් ස්ටීවන් ප්‍රනාන්දු. මව ඈන් විනිප්‍රීඩා ප්‍රනාන්දු. මගෙ තාත්තගෙන් තමයි මගේ ජීවිතේ ගොඩ නැගෙන්නෙ. මගෙ තාත්ත දක්ෂ ධීවරයෙක්. මහඔරු තමයි ඒ කාලෙ රස්සාව කරන්න තිබුනු ප්‍රධාන යාත්‍රාව. ඉස්සෙල්ලම ඇමට ඉස්සො අල්ලගෙන එනව. ඒ ඇම් දාල තමයි ලොකු මාළු අල්ලන්නෙ. 1956දි පමණ තාත්තට අඩි 26 බෝට්ටුවක් ලැබෙනව. ඒක ඇතුලට ඉංජිම සවිකරන බෝට්ටුවක්. ටාවුස් කියන යාත්‍රාංගනයෙන් තමයි මේ බෝට්ටුව ලැබෙන්නෙ. යාත්‍රාංගනයෙ ඉඳලම බෝට්ටුවට තාත්ත නමක් ගහගෙනයි ආවෙ. ඒකෙ නම තමයි කාල්මාක්ස්. මේ කාල්මාක්ස් බෝට්ටුව බෙන්සාරු කරන්න පල්ලියේ පියතුමා කැමතිවුනේ නෑ. පස්සෙ පෙරැත්ත කරපු නිසා බෙන්සාරු කිරීම සිදුකළා. මේ කාලෙ දැල් භාවිතය අඩුයි. අපි මුතු හලාවත ගිහිල්ල රස්සාව කරන වෙලාවක කාල්මාක්ස් සුළං කුණාටුවකට අහුවෙල විනාශවුනා.
ඒ කාලෙ දේශපාලන සහ වෙනත් සංවිධන ගැන යමක් කිව්වොත්
ඒ කාලෙ වම නියෝජනය කරමින් දේශපාලනයට පිවිසුන දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු එක්ක ඕනෑම දේකට සූදානම් ධීවර පිරිසක් පිටිපන හිටිය. ඒ තමයි මනුවෙල් සිල්වා, ස්ටීවන්, ජුසේ සිල්වා, මතියෙස් සිල්වා යන අය. ඒ වගේම පල්ලියේ තිබුනු ඒකාධිකාරී වැඩ වලට විරුද්ධව විවිධ ක්‍රියා මාර්ග ගත්තා. 1960 ගනන්වලදි අපිට තැනක් නොතිබුනු නිසා පාරෙ තියාගෙන මාළු විකුණුවා. පාසැල් අයිති වුනෙත් පල්ලියට. මෙම පල්ලියේ ඒකාධිකාරී ක්‍රියාකාරීත්වය නිසා අපේ ධීවර පිරිස එකතුවෙල 1972 දි මීගමුව දකුණ ධීවර සමීතිය හැදුව. අද මේ ධීවර සමීතියෙ සභාපති මම. හෙක්ටර් දොස්තර මහත්තය තමයි මුල් සභාපති. ආසියාවෙ තිබෙන ලොකුම ධීවර සමීතිය ලෙසින් තවත් ශාඛා සමීති ගනනාවක් එකතුවෙල තමයි මේ දකුණු පිටිපන ධීවර සමීතිය හැදිල තියෙන්නෙ.
ඒ විස්තර ටිකක් කිව්වොත්.
ඒඒ ගමට අදාලව හැදුනු සමීති මෙහෙමයි.
තලාහේන පේරුවේ සමීතිය
දූව සමුදුර සහ සාගරිකා සමීති දෙක
සිරිවර්ධන පෙදෙස පෙලමිනා සමීතිය.
පිටිපන ශාන්ත අන්තෝනි සමීතිය.
මන්කුලිය ශාන්ත අන්තෝනි සහ මෙරීනා සමීති දෙක.
තලාහේන බරබරා සමීතිය.
බසියවත්ත තෙරේසා සහ මංගලී යන සමීති දෙක.
දුන්ගාල් පිටිය මග්දලා සමීතිය.
සෙත්තප්පාඩුව ආනා සහ අන්තෝනි යන සමීති දෙක.
එක සමීතියකින් 10කට එක බැගින් එන නියෝජිතයින් සමඟින් මහසභාව හැදෙනව. සාමාන්‍යයෙන් 60ක් විතර මහ සභාවට එකතුවෙනව. අධ්‍යක්ෂක මංඩලයකින් සියළු ධීවර කටයුතු පාලනය වෙන්නෙ. මෙම අධ්‍යක්ෂක මංඩලය තෝරන්නෙ මහ සභාවෙන්. සභාපති ඇතුළු 7 දෙනෙක් මීට අයිති වෙනව. සමූපකාර ආඥා පනතට අනුව සියල්ල ක්‍රියාත්මක වෙනව. ආදායම් වියදම් පාලනය වෙන්නෙ මේ මගින්. අපි හදපු නීති පද්ධතියක් තියෙනවා. මෙතෙක් ක්‍රියාත්මක වුනේ මෙහි කාලය අවුරුදු එකක් කියලයි. මගෙ යෝජනාවකට අනුව ඒක අවුරුදු 3ක් ලෙස දීර්ග කළා.
සටහන – සැම්සන් ඥානසිරි