කාවින්දට අභියෝගයක් ! රංජනුත් මැතිවරණ සටනට ?

0
89

රන්ජන්හිටුප ඇමති රංජන් රාමනායක වත්මන් දේශපාලකයන් අතර පොඩි මිනිසාගේ වැඩිම ජනාදරය දිනා ගත් තැනැත්තා බවට පත්ව තිබේ. හොරු ඇල්ලිමට පැමිණි යහපාලනය හොරු නලවද්දි රන්ජන් රාමනායක එයට එරෙහිව තනි සටනක් කළේය.
එහි ප්‍රථිපලයක් ලෙස ඔහුට සිරගෙදර පවා ලගින්නට සිදුවිය.
ඊයේ දිනයේ ඇපලබා එලියට පැමිණි රන්ජන් රාමනායක මෙවර මැතිවරණයට තරග කිරිමට සදහා සුදානම් බව මාධ්‍ය හමුවේ කියා සිටියේය.
මීගමුව කොච්චිකඩේ මුල් ගම කරගත් රන්ජන් රාමනායකට මිගමුවේද ඇත්තේ ඉහල ජන සහයකි. ඒ ලංසා පවුලේ පවුල් දේශපාලනය හා නොබියව පෙරට පැමිණ දැවැන්ත විවේචන එල්ල කළ බැවිනි.
එය වඩාත් කැපි පෙනුවෙන් මිගමුවට පැරිෂුට් ක්‍රමයෙන් පැමිණි කාවින්ද වැනි දේශපාලනඥයෙකු ලංසා පවුලට කිසිදු අභියෝගයක් නොකර ඒ පවුලේ කප්පම් දේශපාලනයට සිය මන්ත්‍රි නඩයද හවුල් කරගෙනම උපරිම සහයක් මිගමුවේදි ලබා දෙමින් ඇති පසුබිමකය.
එබැවින් කාවින්ද ජයවර්ධන යනු මිගමුව දේශපාලනය තුල නිමල් ලංසා මෙන්ම කල්ඉකුත් වු භාණ්ඩයක් බවට පත්ව ඇත්තේ එය තවදුරටත් විකුණාගත නොහැකි බැවිනි.
රංජන්ගේ දේශපාලන ආගමනය කාවින්ද ජයවර්ධනලාට මෙන්ම නිමල් ලංසලාටද සැබැවින්ම අසුභ ලකුණකි.