කාවින්ද සරණ ගිය මීගමු එජාප නාගරික මන්ත්‍රිලාගේ රිලා නැටුම් ?

0
40
සජිත් පිළට ගිය මිගමු එජාප නාගරික මන්ත්‍රිලා

pradeepමීගමුවේ ඡන්ද කොට්ටාශ 29 න් 19 ක් එජාපය පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් ජයගෙන තිබුනේ රොයිස් විජිතගේ නායකත්වය යටතේය.මේ අය අතර අලුතින් නාගරික මන්ත්‍රිවරුන් ලෙසින් පත්වුවන්ද විය.
කෙසේ වෙතත් පසුගිය කාලය තුල ක්‍රියාත්මක වු දේශපාලන කුමන්ත්‍රණයක් විය. එනම් දේශපාලනිකව නන්නත්තාරව සිටි කාවින්ද ජයවර්ධනට ආසනයක් ලබාගැනිමය.

රොයිස්ට එරෙහිව ප්‍රදිප්

ඒ වෙනුවෙන් මිගමුව තුල ප්‍රදිප් පිරිස් ඇතුළු පිරිසක් ක්‍රියාත්මක විය. ඒ රොයිස් විජිතට එරෙහිවය.
මෛත්‍රි රාජපක්ෂ ව්‍යවස්ථා කුමන්ත්‍රණය අවස්ථාවක් කරගත් කාවින්ද ජයවර්ධන වැනි උපයෝගිතාවාදි දේශපාලකයන් පිරිසක් සිය පුද්ගලික දේශපාලන උවමනාව රටට ඉදිරියෙන් තබා සුදුවක නියැලි සිටියහ.
මිගමුව ආසනය නොලැබෙන්නේ නම් තම ඡන්දය මෛත්‍රි රාජපක්ෂ කුමන්ත්‍රණය පරාජය කිරිමට නැතැයි කියන්නට තරම් ඇතැමුන් නිහින විය.
කෙසේ වෙතත් එදා පටන් ක්‍රියාත්මක වු කාවින්ද ප්‍රදිප් මිගමු කුමන්ත්‍රණය පළදරන්නේ මේ අනුවය.
කාවින්ද මිගමුවට පැරිෂුට් ක්‍රමයෙන් එන්නේ එලෙසිනි.
කවදත් උපයෝගිතාවාදි දේශපාලනයේ නියැලුන කාවින්දට තිබුනේ ලංසා පවුලත් තරහ කරගන්නේ නැතිව ඔහුගේ සුපුරුදු ආතල් ටිකද රැකගෙන දයාන් ලංසාගේද රාත්‍රි මිතුරෙකු වෙමින් කටයුතු කරගෙන යාමටය.
ලංසා පවුලට අවැසිව තිබුනේද එයමය.

කාවින්ද සරණ ගිය එජාප මන්ත්‍රිලාගේ ඩීල් දේශපාලනය

කාවින්දගේ දේශපාලන කොන්ද පණනැති කමද උදව්වක් කොටගනිමින් මිගමුවේ ඇතැම් එජාප නාගරික මන්ත්‍රිලා සිය ඩිල් දේශපාලන සුපිරියටම කරගෙන යන්නට පසුගිය කාලය තුල කටයුතු කර තිබුණි.
එජාප දෙකඩ කරමින් රාජපක්ෂලාට  දැවැන්ත හයියක් ගෙන ඒම සදහා සදහා ක්‍රියාත්මක බැසිල් රාජපක්ෂ මෙහෙයුමේ ප්‍රථිපල ලෙසින් දැන් එජාපය දෙකඩ වි හමාරය.
සජිත්ලා අජිත්ලා දැන් ගෝඨා සරණ යන තත්වයක් කරා දැන් දේශපාලනය කැරකෙමින් තිබේ.
එජාප අතහැර සමගි ජනබලවේගයට සහය පළකරන පළාත් පාලන නියෝජිතයන්ට එරෙහිව විනය පරික්ෂණ දැන් පැවැත්විමට නියමිතය.
කාවින්ද හා එක්ව සජිත් සරණ ගිය මිගමුවේ  එජාප ඩීල් නියෝජිතයන්ට දැන් රෙද්දේ රෙවෙන්නට පටන් ගෙන ඇත.
පසුගියදා සජිත් ප්‍රේමදාස මිගමුවට පැමිණ අවස්ථාවේ මිගමුව වත්මන් විපක්ෂ නායක රවිජිවාන්ද ඇතුලු පිරිස මාධ්‍ය වලට වසන් වෙමින් සිටියේද තමන්ගේ අනාගත ඉරණම ගැන ඉවෙන් මෙන් දැනගෙන විය යුතුය.

දැන් තවත් කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකය.

ඒ කාවින්දගේ උපදෙස් පිටය.
කාවින්දව මිගමුවට ගෙනඒමේ ප්‍රධාන කොන්ත්‍රාත්කරු ලෙසින් කටයුතු කළ ප්‍රදිප් පිරිස් හරහා සජිත්ගේ  සරන ගිය මිගමුවේ ඩීල් මන්ත්‍රිලා ටික බේරාගැනිමටය.
පසුගිය දා ඔවුන් ප්‍රදිප් පිරිස් හමුව තිබුනේ ඒ නිසා විය යුතුය.
මේ අනුව එකක් ඉතා පැහැදිලිය. ට
මෙවර මැතිවරණයට ප්‍රදිප් පිරිස් පැමිණ ඇත්තේ සැබැවින්ම කාගේ න්‍යාය පත්‍රයකට අනුවද යන්නයි.
එහෙත් මිගමුව එජාප සංවිධායක ලෙසින් යළිත් වරක් රොයිස්ගේ පැමිණිම දැන් මේ කුමන්ත්‍රණ අර්බුදයට යමින් තිබේ.
හොද හොද සෙල්ලම් එළිවෙන ජාමෙට යැයි කියන ප්‍රකාශය දැනට මේ සියල්ල ගැන කැටිකොට කියන්නට ඇති සුදුසුම වචනය යැයි අප සිතමු.