කැඩී ගිය කුනු කානු තුළ මරණය සැඟවී ඇත !

0
371

NGB lagoon 1

මීගමුව ,  පරණ  හලාවතපාරේ   ඇලපාර  යනුවෙන්  හඳුන්වන  අතුරු  පාරට  හැරෙන  විට  මෙම  ස්ථානය   ඇස  ගැටේ.   මෙම  ස්ථානයේ   මුළින්ම  අපේ  නෙත  ගැටුනේ  මරණ  දැන්වීමකි. . එම  මරණ  දැන්වීමෙන්  පසුව  තවත්  මරණ  දැන්වීමක්  එලෙසම  එල්ලා  ඇත.   මෙම  අවධානම්   කානුව  සමඟ   එකී  මරණ  දැන්වීම්  දෙක    දුටුවිට   මීගමුවේ  ඇති  මෙවන්  අවධානම්  ස්ථාන  වල  මෙවැනි   දැන්වීමක්   සකසා  තැබීම  සුදුසුයැයි  හැඟීමක්  ඇතිවිය මන්ද  මීට  පෙර  අවස්ථා  ගනනාවකදී   අප  මෙම  ස්ථානවල     ඇති  භයානක  තත්වය  පැහැදිළි  කර  වැඩි  කාලයක්  නොගොස්  මෙවැනිම  ස්ථානයක   ලයිට්කනුවක  ගැටී  තරුණයෙකු  මියගිය  පුවත  ආරංචි විය.  ඒ  මීගමුව  තලාදූව  පාරේ   මෙවැනිම  බෝක්කුවක්  අසල වූ  කැඩී  ගිය  හිඩසක්  තුළින්   ඔහුගේ  යතුරුපැදිය  ගමන්කිරීමේ  ප්‍රතිඵලයක්  ලෙස  සිදුවූවකි.Kanu issue 1

එක්  පැත්තකින්   ආවරණයක්  නැති  නිසා  අනාරක්ෂිතව   ඇති  කානුය.  තවත්  පැත්තකින්  එම  කානුවල   කුනු කසල මිශ්‍රවූ  ජලය  එකතුවීම  නිසා  මදුරුවන්  බෝවීමට  සුදුසු  පරිසරයක්  නිර්මාණය  වීමය. අනාරක්ෂිත  සහ  ආවරණයකින්  තොර  කානු  පිළිබඳව  ස්ථාන  කිහිපයක්ම  දැක්විය  හැක.  දෙහිමල්වත්ත  ප්‍රදේශයේ  ඇති  කානුව,  ආර්පිකෝ ආයතනය  අසල  ඇති  කානුව,  ඇන්ඩෲ   සිනමාහල  අසලඇති  කානුව  ආදීවශයෙන්   විවිධ  ස්ථාන  ගැන    සඳහන්  කළ  හැක. එසේම  මීගමුව  කම්කරු  කාර්්‍යාලය  ඉදිරිපිටද  මෙවැනි  කානුවක්  ඇති  ස්ථානයක්  බව  කිවයුතුය.  බස්නැවතුම්පල  අසල  ඇති  අනතුරුදායක  ස්ථානයක්  ගැන  පසුගිය  දිනවලදී  අපවිසින්   ඡායාරූප  සහිතව  පෙන්වා  දුන්නෙමු.  මේහැර  තවත්  ස්ථාන  රාසියක  ලේඛනයක්  වුවත්  ඉදිරිපත්  කළ  හැක.

නමුත්  මේ  එක  ස්ථානයක්වත්  මේ  ගැන  වගකියන  නිලධාරීන්ගේ  නෙත  ගැටෙන්නේ   නැත.  මේවා  පිළිසකර  කිරීමේ  වැඩසටහන්  වෙනුවට   අත්‍යාවශ්‍ය  නොවන  දේවල්  ප්‍රථම  රාජකාරිය  කරගන්නා  බලධාරීන්   ප්‍රදර්ශනශීලී  දේවල්   සඳහා  මුල්තැනක්  දී  කටයුතු  කරයි. මීගමුව  නගර  සභාව  තුළ  සහ  ඒඒ  පක්ෂ  විපක්ෂ  නායකයින්  අතර  සාකච්ඡාවට  භාජනය  වන්නේ     මීලඟ  ඡන්දයේදී   ගොඩ  වැඩිකර   ගතහැකි   සහ  ජනතාව  ඇන්දවිය  හැකි  කරුණු  කාරණා  පිළිබඳව  විය  හැක. අප  එසේ  කියන්නේ   මොනවා  හෝ  දෙනවා  කියා  පොරොන්දුවන්නේ  ඡන්ද  කාලයට  පමණක්  වන  බැවිනි. එකී  පොරොන්දුවල  ජනතාවගේ  සැබෑ  අවැසිතා  ඉටුකිරීමට    අදාලවූ  වැඩපිළිවෙලක්  දක්නට  නැත.   නමුත්  බදුගෙවන  නගරවැසියන්  වශයෙන්   මේ  ගැන  යම්  හඬක්   නැගීමේ  අවශ්‍යතාව  මේවනවිට  මතුව  ඇතිබව    අවධාරණය  කරන  අතර  ඒවෙනුවෙන්  අප නිතර  පෙනී  සිටින්නෙමු.