කැමිලස් ස්වාමියි, දයාන් ලංසයි ගලවපු බස්මගි ආවරණය පොලීසිය යළි ඉඳිකරයි!

0
42
dav
බස් මගි ආවරණය ගලවා දැමිම නිසා අව්වට වේලෙන බස් මගියෝ
බස් මගි ආවරණය ගලවා දැමිම නිසා අව්වට වේලෙන බස් මගියෝ

දෙවන සංස්කරණය -මිගමුව කෙලින් විදියේ කෲස් මඩම අසල ඉදිකර තිබුණු බස්මගි ආවරණයක් පසුගිය දිනක කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් ගලවා දමා තිබුණි.

බදුදුන්න පල්ලිය ඉඩමේ විදුරු කඩේ මුදලාලි අළුතින් හදපු බිල්ඩිම
බදුදුන්න පල්ලිය ඉඩමේ විදුරු කඩේ මුදලාලි අළුතින් හදපු බිල්ඩිම

මේ ගැන කරුණු විමසා බැලිමේදි දැනගන්නට ලැබුනේ මීගමුව සා.පිතර දේවස්ථානයේ ලියෝ කැමිලස් පියතුමා විසින් මීගමුව හිටපු නියෝජ්‍ය නගරධිපති දයාන් ලංසා ලවා එය ඉවත්කර දමා තිබුණ බවයි.
ඉලෙක්ට්‍රෝ ආයතනය පිහිටා ඇති  ඉඩමේ කොටසක් ග්ලාස් හවුස් නම් විදුරු අලෙවි ව්‍යාපාරිකයෙකු හට එහි පාලක පියතුමා වන ලියෝ කැමිලස් විසින් බදු දි ඇති බවය
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදි ලියෝ කැමිලස් පියතුමන් කියා සිටියේ තම ඉඩම බදු ගත්  ව්‍යාපාරිකයා විසින් මෙම ඉඩමේ අළුතින් ඉදිකළ ගොඩනැගිල්ලට අවහිර වන හෙයින් මේ බස්මගි ආවරණය  මීගමුවේ හිටපු නියෝජ්‍ය නගරාධිපති දයාන්  ලංසා මාර්ගයෙන් ගලවා ඉවත් කර දමා ඇති බවයි.
ඇනලින් කිරිපිටි සමාගම විසින් අනුග්‍රහය දක්වා තිබුණ මේ බස් මගි ආවරණය මගින්ට අපහසුවක් ඇතිකරමින් ගලවා දමා තිබුනේ ඇයිදැයි අප විසින් එහි ප්‍රවර්ධන නිළධාරි රැල්ප් මහතාගෙන් විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ ඇනලින් සමාගම විසින් මගින්ගේ පහසුව වෙනුවෙන් ඉදිකළ මගි ආවරණයක් ගලවා දැමිමට කිසිදු උවමනාවක් නැති බවය.
කෙසේ වෙතත් මෙසේ බස්මගි ආවරණයක් ස්ථාපිත කිරිම හෝ ඉවත් කිරිම පිළිබදව කිසිදු බලයක් නැති නියෝජ්‍ය නගරාධිපතිවරයෙකු විසින් කතෝලික පියතුමෙකුගේ ඉල්ලිම පිට ගලවා දැමිමට පියවර ගැනිම යනු පැහැදිලිවම නිතිය කඩකිරිමකි.

බස්නැවතුම තිබුණ තැන දැන් පිටුපසින් හදා ඇති විදුරු විකුණන කඩේ
බස්නැවතුම තිබුණ තැන දැන් පිටුපසින් හදා ඇති විදුරු විකුණන කඩේ

බස්මගි ආවරණය  බවත් කිරිම හරහා  පියතුමාත් කර තිබුනේ තනිකරම ව්‍යාපාරිකයෙකුගේ උවමනාව ඉටු කිරිමය.
මේ බරපතල අසාධාරණය ගැන වහා ක්‍රියාත්මක වු මීගමුව පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති ගජනායක මහතා අද ( 2016 ඔක් 21 දා ) මෙම බස් මගි ආවරණය යළිත් ස්ථාපිත කිරිම සදහා කටයුුතු කර තිබුණි.

dav

dav

මීගමුව සංවර්ධන පදනම විසින් පසුගිය ඔක්තෝබර් 11 වනදා මීගමුව ජේෂ්ඨ පොලිස් අධිකාරි තුමන් හා පැවැති විශේෂ රැස්විමකදිද මේ බස්මගි ආවරණය ඉවත්කර  තිබිම ගැන  කරුණු අනාවරණය කර තිබුණි.
කෙසේ වෙතත් බස් මගින්ගේ ආරක්ෂාව ව්‍යාපාරිකයෙකුගේ උවමනාවට වඩා වැඩි යැයි තින්දුකරන්නට තරම් ප්‍රතිපත්ති ගරුක නිළධාරියෙකු නිසා මේ වැසි ඇදහැලෙන්නට නියමිත සමයේ යළිත් ආවරණයකට වි සිටිමට දැන් බස් මගින්ට දැන් ඉඩකඩ සැලසි ඇත.මේ අවස්ථාව සදහා මීගමුව සංවර්ධන පදනමේ නිළධාරින් පිරිසක්ද මේ ස්ථානයට පැමිණ  තිබුනේ මීගමුවේ සිටින ප්‍රතිපත්ති ගරුක නිළධාරින්ගේ සත් ක්‍රියාවකට සහය දක්වනු පිණිසය.
බස් මගි ආවරණය පිහිටා තිබුණේ මහමාර්ගයේය. එය අයත් වන්නේ රජයටය. තමන්ගේ ඉඩමේ කොටසක් ව්‍යාපාරිකයෙකුට බදුදුන්නා යැයි කියා මහමාර්ගයේදි මගි ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් කව්රුන් හෝ විසින් ඉදිකර ඇති මගි අවාරණයක් ඉවත් කිරිමට පියවර ගැනිම ලියෝ කැමිලස් පියතුමාගේ මෙන්ම දයාන් ලංසාගේ ඇති මහජන කරුණාව දැන් මනාවට ඔප්පු වි ඇත.
මේ අය සේවය වඩාත් වැදගත්වන්න් වෙළෙන්දකුට සහය දැක්විමය.ලංසලාගේ දේශපාලනය මෙන්ම මීගමුවේ ඇතැම් කතෝලික පියතුමන්ගේද තරම දැන් මොනවට මේ සරල සිදුවිම ඔස්සේ කදිමට පෙන්වා දි ඇත.