කැරොලයින් අධිකරණය හමුවට ! – තරගයේ ‘ලකුණු සටහන්’ මිසින් !

0
136

පුවත් 08 April 2021

විවාහක  රූ රැජින තරගයේදී ඇතිවු ගැටුම සම්බන්ධයෙන්  කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසියට ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ.   මේ අතර අප්‍රේල් 04 වෙනිදා නෙලුම්පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ විනිසුරු මණ්ඩලයේ අවසන් ලකුණු සටහන් අතුරුදහන් වී ඇතැයි වාර්තාවේ.   

                   කැරොලයින් ජූරි කුරුඳුවත්ත පොලිසිය තුළ   තම කිරුළ උදුරා ගනිමින් එය දෙවැනි ස්ථානයට පත් ‘පොහොට්ටු’ මන්ත්‍රී බිරිඳට පැළඳු වත්මන් ලෝක රූ රැජිනය වන කැරොලයින් ජූරිට එරෙහිව එම තරඟයෙන් ජයග්‍රහණය කළ පුෂ්පිකා ද සිල්වා විසින් පොලිසිය වෙත සිදුකර ඇති පැමිණිල්ල විභාගයේදී එබව අනාවරණයවී තිබේ.   මෙවර ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය විනිශ්චය කරනු ලැබුවේ, රමණි ප්‍රනාන්දු, දනංජය සිරිවර්ධන, ස්ටේෆනි සිරිවර්ධන, ඉන්දියානු ජාතික මෝහිනී ශර්මා, මුත්තයියා මුරලිදරන්ගේ වයිෆ් මදිමලර් රාමමුර්ති, ක්‍රිස්ටිනා පිරිස්, ශානිකා අර්සකුලරත්න සහ කැරොලයින් ජූරි යන අය විසිනි.    

      කෙසේවුවද අවසන් තරඟය පැවති අප්‍රේල් 04වන දිනට දින දෙකකට පෙර එනම් සිකුරාදා දිනයේ කැරොලයින් ජූරි එම විනිසුරු මණ්ඩලයෙන් ඉවත්ව ඇති අතර ඒ පිළිබඳව ජාත්‍යන්තර විවාහක රූ රැජින සංවිධායකයින්ට දැනුම්දී ඇතැයි වාර්තාවේ.   තරඟ විනිශ්චය සම්බන්ධයෙන් විවිධාකාරයේ බලපෑම් එල්ලවෙමින් පවතින බවටත්, තරඟයේ කොන්දේසිවලට පිටුපා කටයුතු සිදුවෙමින් තිබෙන බවටත් ඇය ජාත්‍යන්තර සංවිධානය වෙත දැනුම්දී ඇතත් ඇයගේ එම දැනුම්දීම සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද පැවසේ.  

මෙවර ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගය මුළුමනින් ම ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයින්ගේ මැදිහත්වීම මත සිදුව ඇති බවට මේවනවිට චෝදනා එල්ලවෙමින් පවති. තරඟයට ඉදිරිපත්වූ වැඩි පිරිසක් ආණ්ඩුවේ ප්‍රබලයින්ගේ හිතවතියන්ය.    මෙවර ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ මුලික සංවිධාන කටයුතු බාරව කටයුතු කර ඇත්තේ, රිෂිනි වීරරත්න හා චන්දිමාල් ජයසිංහ යි.   

කැරොලයින් ජූරි විනිසුරු මණ්ඩලයෙන් ඉවත්වූ හේතුව මේවනතෙක් කිසිවකු විසින් ප්‍රකාශයට පත්කර නොමැත.  

  ජාත්‍යන්තර අවධානයට !    

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ දී සිදුවූ අමිහිරි සිද්ධිය මේවනවිට ජාත්‍යන්තර අවධානයට යොමුව ඇත.   ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේද විවිධාකාරයේ මත පලවෙමින් තිබේ.   ‘කලම්බෝ ටෙලිග්‍රාෆ් කර්තෘ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය සිය ෆේස්බුක් පිටුවේ පළකර ඇති පොස්ටුවක මෙසේ සඳහන් වේ.     ගලවපු රූ රැජින පලාත් සභාවට උතුරු මැදින් පොහොට්ටුවේ මහඇමති අපේක්‍ෂිකාව වෙන්න ඉන්නෙ කියන්නෙ. විවාහක රැජිනත් පොහොට්ටුවේ. නෝ කේස්    

    ඒ අතර ප්‍රකට සමාජ හා දේශපාලන විශ්ලේෂකයකු වන මහේෂ් හපුගොඩ ඔහුගේ ෆේස්බුක් පිටුවේ මෙවැනි සටහනක් පළකර ඇත.       ”කොළඹ පොෂ් ගෑණු ටිකක් නොවී ගමේ ගෑණු ටිකක් උනානම් බලාගන්න තිබ්බා ‘ශිෂ්ට බව’ ගැන දේශනා වල තරම…මොඩ් නිසා කමක් නැහැ…ඒ ‘පොෂ් පොරවල්’ නිසා අර කිව්වා වගේ අපි එක පැයෙන් ගෝලීය උනා…සතුටුයි….යහපත් අන්තර්ගතයට වඩා වේගෙන් අශ්ලීල අන්තර්ගතය පියඹනවා. තටු ලබනවා….CNN ”    

රට කෑ කැරොලයින් නාඩගමේ තිරයෙන් පිටුපස කතාව! 

theleader.lk