කැල්ටන් පොල්රොටිය සුපිරි!ලුණු මිරිස පට්ට!

0
51

 

IMG-20190813-WA0011පසුගිය  දිනෙක   තෙල්වත්ත  හංදියේ  ඇති   කැල්ටන්  ගොඩනැගිල්ලට  ගොඩ  වැදුනේ  රසවත්  රොටියක්  සහ  ඊට  ගැලපෙන  ලුණුමිරිසක්  ඇති  බවට  ලැබුනු  ආරංචිය  මතය.  පිරිසිදු  පිඟානක්  මත  රොටි කිහිපයක්  වෙනම  භාජනයක  දැමූ  ලුනුමිරිසක්  අප සිටි  මේසයට  ලැබින.  රොටියකින්   සෑහීමකට  පත්විය  නොහැකි විය.  ලුණුමිරිසද  රසය.  රු.  30/ක්වැනි  මුදලක්  නිසා   තුන  හතරක්ම  කෑවෙමු.  පවුල්  පිටින්  පැමිණ  මෙහි  කෑම කන  නිසාත්  එන  අයට  සළකන  ආකාරය  නිසාත්  මේ  ගැන  එහි  කලමණාකාර  මහතාවන  ටෙරන්ස්  පෙඩ්රික්  මහතාගෙන්  මේ  පිළිබඳව  ඇසූවිට  ඔහු  අපට  මෙසේ  පිළිතුරු  දුනි.

අළුත් වර්ග  ගනනාවක්  අපි  හඳුන්නල  දීල  තියෙනව.  පොල්රොට්,  කරපිංච  රොටි,  පරාටා අළුත්  වර්ගයේ  ඉඳි ආප්ප  ,කොත්තු ,රයිස්  හඳුන්වල  දීල  තියෙනව.  රෑ  12.00  තෙක්  අපේ  ආයතනය  විවෘත  කරල  තියෙන නිසා  ඔනෑම  කෙනෙකුට  ඇවිත්  ලබාගන්න  පුළුවන්.  මෙම  කෑම  වර්ගවල  එවැනි  රසයකට  හේතුව  ආයතනයේම  සොයාබැලීම  මත  හදන  නිසා  බවයි.  අනෙක්  කාරණය  නම්  රස කාරක  කිසිවක්  නොදැමීම  බවත්  පවසයි.