කැලිසන්ලා උපදෙස් ගන්නේ තිස්සගෙන්ද? ලංසාගෙන්ද ?

0
65

pupetමීගමුවට ආසන සංවිධායකයෙක් නැත . ඒ වෙනුවට ඇත්තේ භාරකාර කමිටුවකි. එහි සම්බන්ධිකරණය හොබවනු ලබන්නේ එජාප මහලේකම්  තිස්ස අත්තනායක මහතා විසිනි.අනෙකුත් සාමාජිකයන් ගණන 15 කට ආසන්නය.
මීගමුවට අදාලව ඉතාමත් තිරාණාත්මක මහ සභා රැස්විමක් 2013 ඔක් මස පැවත්වෙනු ඇත.එහිදි මීගමුවේ ප්‍රධාන පෙළේ ටෙන්ඩර් ගණනාවක් ගැන මහසභාව විසින් තින්දු ගැනිමට නියමිතය.
මෙහිදි විශේෂිතව ටෙන්ඩරය වන්නේ මීගමුවේ වෙරළ උද්‍යානයයි.
එය දැනට වසර 13 ක් තිස්සේ නොකඩාවාම ටෙන්ඩර් වලින් තොරවම ලබාගන්නට අධි වරප්‍රසාදිත පුද්ගලයා බවට පත්ව ඇත්තේ ඇමති නිමල් ලංසාගේ පියාය.
මෙයට අමතරව මීගමුවේ ක්‍රිඩාංගන ගැනද පුළුල් සංවාදයක් එළඹෙන මහසභාවේදි මතුවනු ඇත.
එයට හේතුව වන්නේ මේ බොහොමයක් ක්‍රිඩාංගන දැන් පාලනය වන්නේ ඇමති නිමල් ලංසාගේ හිතවතුන්ගේ අධිකාරිය යටතේය.
එවායින් කිසිදු ආදායමක් නගර සභාවට හිමි නැති ගානය.
මේ සියල්ල මෙසේ සිදුවෙද්දි මීගමුව මහනගර සභාවේ වැඩබලන විපක්ෂ නායක කැලිසන් ජයකොඩි මහතා මේ බරපතල අකටයුතු කම් වලට එරෙහිව කිසිදිනක මීක් ගෑවේ නැත
නගර සභාවේ පළමු වසරේ මුදල් කාරක සභාවේ විපක්ෂ නියෝජිතයා ලෙසින් ඔහු තෙරෙන්නේද ඔහුගේ මේ පතෝල න්‍යාය නිසාමය.
විපක්ෂයේ සිටින ආණඩුවට කඩේ යැවිය හැකි විශ්වාස වන්තයා ලෙසින් ඇමැති ලංසාගේ අණනින් වැඩිම පක්ෂ විපක්ෂ බහුතරයක ඡන්දයෙන් කැලිසන් ජයකොඩි මුදල් කාරක සභාවට තේරෙන්නේ එබැවිනි.
එහෙත් ඔහුගේ  ධුර කාලය තුල අප ඉහත මතු කළ කිසිදු  අසාධරණයකට එරෙහිව නිකමටවත් හඩක් නැගුවේ නැත.
ඉන්අනතුරුව දෙවනධුර කාලය  වෙනුවෙන් තෝරාපත් කරගන්නේ ඇමති ලංසාට පාලනය කර ගත හැකි විපක්ෂයේම  තවත් රූකඩයකි. ඒ නස්මියාර් මන්ත්‍රිවරයායි.
ඔහු දැනටමත් ඇමති නිමල් ලංසා ගේ තාත්තාට වෙරළ උද්‍යානය ටෙන්ඩර් නොකර බදු දිම සදහා මුදල් කාරක සභාවට ආණ්ඩුවෙන් ගෙන ආ යෝජනාවට සම්පුර්ණයෙන්ම සහය පළකරමින් තම්න්ගේ ආසන සංවිධායකයා ඇමති නිමල් ලංසා බව ඔප්පු කර හමාරය.
මේ පෙරහැෙර්ම යන තවත් අලි කිපදෛනෙකු වෙයි. ඒ රවි ජිවානන්ද සහ සජිත් මෝගන්ය.
දශක ගණනාවකට පසු මීගමුවේ දමිල ජනයා නියෝජනය කිරිම සදහා දමිල මහජන ඡන්දයෙන් තේරි පත්වු සජිත් මෝගන් දැන් එහෙම පිටින්ම ආණ්ඩුවේ සුරතලෙකි.
මේ සියළු දෙනා පිළිගන්නේ තිස්ස අත්තනායකවද නැතිනම් නිමල් ලංසාවදැයි තින්දුව තවත් සතියකිනි.