කැලේ ගිනි නිවන්නට ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් වල සහය ඉල්ලමු.

0
90

IMG-20160509-WA0005මෑත කාලයේදී රටේ කදුකර ප්‍රදේශයන්හි විටින් විට ඇතිවන කැලේ ගිනි තැබීම් හා ස්වාභාවික ගිලිගැනීම් හේතු කොටගෙන රක්ෂිත වනයන් විනාශ වීම දක්නට ලැබේ. මෙවන් අවස්ථාවන්හිදී ගින්න මැඩලීමට එහි ලගාවීම සහ ජලය ගෙන යාමට නොහැකි වීම මෙමගින් සිදුවන පරිසර හානිය අවම කරන්නට නොහැකි වීමට හේතුවකි.

මේ සදහා ශ්‍රීලංකා ගුවන් හමුදාවේ ගිනි නිවන ඒකකය අනුබද්ධ කර එම හෙලිකොප්ටර් යානා මගින් ජල බුලූන් වලින් ජලය ගෙන ගොස් ඉසීමෙන් මෙම ගිනි නිවන්නට හැකිය. එම ප්‍රදේශය ආශ්‍රිත ජලාශයන්ගෙග්න මේ සදහා ජලය බ ගත හැකිය. නුවරඑළිය ප්‍රදේශයේ ග්‍රෙගරි වැව, කොත්මලේ ජලාශය එමෙන්ම හන්තාන ප්‍රදේශයේ නිතර හටගන්නා ගිනි ගැනීමටත් වික්ටෝරියා , පොල්ගොල්ල ජලාශයෙන්ද ජලය ලබා ගැනීමට හැකිය. දේශීය සහ විදේශීය සංචාරකයන්ගේ ආකර්ශණයට ලක්වූ මේ ප්‍රදේශයන්ට සිදුවන හානිය සංචාරකයන්ගේද මවිතයට හේතු වේ.

අනාගත පරපුර වෙනුවෙන් මේ වන සම්පත ගින්නෙන් රැක ගැනීමට බලධාරීන් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.

 

ඡායා සහ සටහන – එම්.එස්.එස් මුනීර්