කැසිනෝ වලට එරෙහිව සමඟි බලය මහපාරට……

0
90

කැසිනෝ සූදුවට, මාධ්‍ය මර්දනයට හා රජය ගෙන යන ජන පීඩාකාරී තත්ත්වයට සහ LLRC වාර්ථාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නට යැයි ඉල්ලමින්  සමඟි බලවේගය විසින් සංවිධානයකරන ලද  ජනතා උද්ඝෝෂණයක් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී ඊයේ  සවස පැවැත්විණි.

කොළඹ ලේක්හවුස් වටරවුම, බාන් ඔරලෝසු කණුව සහ මරදාන ටෙක්නිකල් හංදිය යන ස්ථානවලින් වෙනම ජනතා පෙළපාලි තුනකින් පැමිණ සියල්ලෝම කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටට රැස් විය.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ කරු ජයසුරිය මහතා නව වාමාංශික පෙරමුණේ ආචාර්ය වික්‍රමබාහු මහතා සහ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදි අදහස් දැක්වුහ.
කැසිනෝ ව්‍යාපාරයේ මලගම යැයි සඳහන් මිනී පෙට්ටියක් ද මෙහිදී පාක්ෂිකයන් විසින් රැගෙන විත් පුළුස්සා දමන ලදී.

nov 7 2nov 7 3nov 7 4Nov 7 1