කිඹුල් බෝක්කේ සගවා තිබු මත්පැන් බෝතල් 737 අත්අඩංගුවට

0
77

subaduදඩුගම් ඔයේ කිඹුල්බොක්ක දූපතේ කඩොලාන කැලයක ඉතා රහසිගතව පවත්වා ගෙන ගිය රුපියල් ලක්ෂ දහයකට අධීක නිතී විරෝධී මත්පැන් තෙගයක් සමග එක් සැක කරුවකු මිගමුව සුරාබදූ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත
සුරා බදූ සැරයන් 846 කේ. ඒග කුමාරසිරි මහතාට ලැබුනු රහසිගන තොරතුක් මත සුරාබදූ කොමසාරිස් ජනරාල් එල්. කේ.  ගුණවර්ධන මහතාගේ උපදෙස් මත නියොජ්‍ය සුරාබදූ කොමසාරිස් අපරාධ ජේ. පුෂ්ප කුමාර සිල්වා සහකාර සුරා බදූ කොමසාරිස් ආර්. එම්. රත්නායක (ගම්පහ) සුරා බදූ අධීකාරි පී. බ. ධර්ම කීර්ති (ජා ඇල) මහත්වරුන් ගේ මෙහෙය විමෙන් මිගමුව සුරා බදූ ස්ථානාධීපති සුරාබදූ පරික්ෂක පි. කේ .එන්. ඩඩ්. ජයසිංහ මහතා ඇතුළු නිළධාරි මංඩලයකගේ සහභාගිත්වයෙන් ඉකුත් 24 දින උදැසන බොට්ටුවක උප යෝගී කරගෙන මෙම වැට ලීම සිදූකර තිබුනි.
මෙම වැට ලීම සිදූ කිරිමේ දී පෙරන ලද නීති විරෝධී මත් පැන් බොතල් 737 සහ සාදන ලද මත් පැන් බෝතල් 720 ඇතුළු පෙරිමට ගන්නා දගර බැරුල් ඇතුළු පෙරීමේ උපකරණ තොගයක් එහි තිබි සොයාගෙන ඇත
සැක කරු අධීකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව රුපියල් එක්ලක්ෂ හැට පන්දහසක දඩ මුදලක් ගෙවන ලෙස මිගමුව මහේස්ත්‍රාත් තිලක රත්න බංඩාර මහතා නියෝග කලේය
 පියපේම මානික්කරත්න