කිඹුලාපිටියේ තරුණයෙකුට තැඹිලි පොවා මරා දැමූ වංචනිකයා සන්තානාපුරයේදී නැවතත් වැඩ අල්ලයි…

0
71

පසුගියදා වෙන්නප්පුව සිරිගම්පල ග්‍රාමයේ ආගමික බලයෙන් ලෙඩ සුවපත් කිරීමේ කටයුතු වල නිරතවෙමින් ජනතාවගෙන් මුදල් අයකරමින් සිටින පුද්ගලයන් දෙදෙනෙකුට එම ප්‍රදේශයේ ජනතාව විසින් විරෝධතාවයක් දක්වා තිබුණි. 18768165_1633533620022698_50811412612798302_o

මෙම ස්ථානයේ සිදුකරන මෙම ලෙඩ සුවකිරීමේ කටයුතු වලට මෙම ප්‍රදේශයේ ජනතාව විසින් අවස්ථාවන් කිහිපයකදීම විරෝධතා පවත්වා ඇති අතර  වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපතිවරයා මැදිහත්වී මෙම ගැටුම දුර දිග යාම වලක්වා ප්‍රදේශයේ සාමය පවත්වාගැනීමට කටයුතු කොට තිඛේ. මේ වනවිට මෙම පුද්ගලයා තමන් සිදුකරමින් සිටින මෙම වංචාකාරී වැඩපිළිවෙල සාධාරණය කරගැනීමට ප්‍රදේශයේ මානව හිමිකම් සංවිධානයක ද පිහිට පතන බව වාර්තාවේ.
මේ ආකාරයට සිරිගම්පළ ජනතා මුලාවේ දැමීමට මේ ගොස් සිටින්නේ  දේවගැතිවරයකු ලෙස පෙනී සිටිමින් 2008 වර්ෂයේ කිඹුලාපිටිය ප්‍රදේශයේ තැඹිලි ගෙඩි 13 ක්‌ අමු කිරි සමග පොවා යාඥා මධ්‍යස්‌ථානයේදී සමීර නම් තරුණයෙකු මරාදැමූ රංජන් පාලිත නමැත්තා බව මේ වන විට තොරතුරු වාර්තා වී තිඛේ. මොහු අතින් සිදුවූ මෙම අපරාධයට නීතියෙන් දඩුවම් ලැබූවද ඔහුගේ මෙම ව්‍යාපාරය තවමත් නවත්වා නොමැති බව සිදුවෙමින් ඇති සිදුවීම් අනුව පෙනී යයි.
පහත පළවන්නේ 2008 සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දිවයින පුවත්පතේ පළවූ ලිපියකින් උපුටා ගැනුණ කොටසකි.


අනතුරුව 2008 වර්ෂයේ කිඹුලාපිටිය ප්‍රදේශයේ තැඹිලි ගෙඩි 13 ක්‌ අමු කිරි සමග පොවා යාඥා මධ්‍යස්‌ථානයේදී මියගිය සමීරගේ පියා මුණගැසිණි. කටියල පාර කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි චාල්ස්‌ එරික්‌ ප්‍රනාන්දු (59) මහතා මෙසේ පැවසීය.

දේවගැතිවරයකු ලෙස පෙනී සිටි රංජන් පාලිත නමැත්තා අප ප්‍රදේශයේ යාඥා මධ්‍යස්‌ථානයක්‌ පවත්වාගෙන ගියා. මගේ දරුවා මේ යාඥා මධ්‍යස්‌ථානයේදී 2008 වර්ෂයේ ජුනි මාසයේදී මිය ගියා. අපි එදා මොහුට රුවටිලා මගෙ අහිංසක දරුවව නැති කරගත්තා. මොහු මගේ දරුවට දස වධ දීලා, දරුවගෙ බෙල්ල කඩාගෙන එතනම වැටුනට පස්‌සෙ ඉක්‌මනටම රෝහලකට ගොස්‌ වෛද්‍යවරයකුට පෙන්වන්න කියලා කිව්වා. අප දරුවව රජයේ රෝහලට රැගෙන ගියත් වෛද්‍යවරු එහිදී කිව්වා දරුවා මිය ගියාට පසුවයි ගෙනත් තියෙන්නෙ කියලා. ලෙඩුන් සුව කරනවා කියලා මොහු කරන්නෙ විශාල බොරුවක්‌. මොහු කාන්තාවන් විශාල ප්‍රමාණයක්‌ ඇසුරු කරන ඉතා පහත් පුද්ගලයෙක්‌. එම කාන්තාවන්ට මොහුට දාව දරුවන් පවා ඉන්නවා. මම මේවා කියන්නෙ පුද්ගලයෙකුට මඩ ගහන්න නෙමෙයි. රටේ මිනිසුන්ට මොහු මොනවගේ පුද්ගලයක්‌ද කියලා තේරුම් ගන්න. මම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ රටේ ජනතාවගෙන් මේ පුද්ගලයන්ට රැවටෙන්න එපා කියලා. එසේ රැවටුනොත් තමන් හරි හම්බ කරගත් දේ පමණක්‌ නෙමෙයි ජීවිතත් නැති වෙන්න පුළුවන්. අද මට මගෙ දරුවව නැතිවෙලා විඳින වේදනාව හෙට දවසේ තවත් කෙනෙකුට වෙන්න පුළුවන්. ඒ නිසා මේ බොරුකාර වංචාවලට රැවටෙන්න එපා කියලා මම සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.
සම්පූර්ණ ලිපිය