කිරිපැකට් බොන්නේ බලාගෙනයි පණුවෝ ඉන්න පුළුවන් ? ( විඩියෝ සහිතයි )

0
547
dav

tmp_6747-IMG_20161117_183103-221431692

sdr
sdr
තම ගැබණි භාර්යාවට මීගමුව රෝහල ඉදිරිපිට කඩයකින් මිළට ගත් කොත්මලේ කිරිපැකට් එකක පණුවන් සිට ඇතැයි කටුනායක නිදහස් වෙළද කලාපයේ සේවකයෙක් අප අමතා පවසා සිටි බව දැනටමත් අප එළිරදව් කොට ඇත්තෙමු.
මේ පිළිබදව අදාල වෙළද සැලේ හිමිකරුගෙන්ද කරුණු විමසා පාරිහෝගිකයා විසින් මිළට ගෙන විවෘත කරන ලද කිරිපැකට් දෙකක මෙසේ පණුවන් සිටිනු තමන් සහ තමන්ගේ මිතුරාද නිරික්ෂණය කළ බව තහවුරු කරගත්තෙමු.
අදාල පාරිහෝගිකයා මේ පිළිබදව කොත්මලේ කිරි නිෂ්පාදන ආයතනයද දැනුවත් කර ඇති අතර අද දිනයේ මේ පිළිබදව මීගමුව මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයටද වාර්තා කර තිබුන අතර ඔවුන් ඉදිරියේදිද මේ කිරි පැකට් විවෘත කර පෙන්විමේදි පණුවන් සිටිනු නිරික්ෂණය කළ හැකි විය.
මෙම පාරිහෝගිකයා කිරිපැකට් මිල‍ට ගත් මොහොතේදිම අදාල කඩහිමියා ඉදිරියේදි විවෘතකොට පෙන්විමේදි පණුවන් සිටින අයුරු ඔහු විසින් සිය ජංගම දුරකතයෙන් විඩියෝ කර තිබුණි.එකි විඩියෝවද අප මේ පුවත සදහා කඩිනමින් එක් කිරිමට බලාපොරොත්තු වෙමු
මේ සම්බන්ධයෙන් අප අදාල සමාගමේ ප්‍රදිප් රාජපක්ෂ නැමැති නිළධාරි මහතාගෙන් විමසිමක් කර සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ තමන් අදාල පාරිහෝගිකයා සමගින් මේ ගැන කථා කළ බවත් තුන්වන පාර්ශවයක් හා කථා කිරිමට සුදානම් නැති බවත්ය.
අප එහිදි ඔහුට අවධාරණය කර සිටියේ අප පෙනි සිටින්නේ පාරිහෝගිකයන්ගේ ආරක්ෂාව පැත්තෙන් නිසා මේ සම්බන්ධයෙන් සමාගමක් ලෙස ඔවුන් ගන්නා පියවර කුමක්ද යනුවෙනි.
පසුව ඔහු කියා සිටියේ කිරිපැකට් එක තුල පණුවෙක් සිටින්නට නම් ඒ කිරිපැකට් එක ඩැමේජ් විය යුතු බවත් එතින් මැස්සෙකුගේ බිත්තරයක් ඇතුලට කෙසේ හෝ ගොස් තිබිය යුතු බවත්ය.
අදාල පාරිහෝගිකයා අප වෙත කියා සිටියේ මැස්සෙකු යන්නට තරම් සිදුරක් එහි තිබුනේ නම් ඔහු මෙය රැගෙන නොයන බවය. තමන් මෙය රැගෙන ගියේ තමන්ගේ ගැබණි බිරිඳට බවද යළිත් අවධාරණය කර සිටියේය.
එසේ නම් මේ කිරිපැකට් ඇතුළත පණුවන් කොහෙන්ද ?
මෙය එක්තරා භායනක තත්වයකි.
මේ කිරිපැකට් කිපයක පණුවන් සිටි බවට දැන් ප්‍රමාණ්වත් සාක්ෂි ගණනාවක්ම තිබේ.
ඒ මීගමුවේ මේ කලාපය භාර මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ නිරික්ෂණද සමගින්ය.
අදාල නිෂ්පාදන සමාගම් වල නීති රිති තර්ක වලින් එහාට ගිය විමර්ශනයක් මේ සම්බන්ධයෙන් සිදුවිය යුතුව තිබේ.
මෙවැනි සල්ලිකාර සමාගම් එක්ක හැප්පෙන්නට සෞඛ්‍ය බලධාරින්ද ඇතැම් විට අකමැතිය.
මන්දයත් ලක්ෂ ගණනින් හෝ සල්ලි විසිකර මේ නඩුකඩා ජයගන්නට ඇතැම් සමාගම් කටයුතු කරනු ලබන හෙයිනි.
මේ සමාගම් තම පාරිභෝකියා ගැන සිතා කටයුතු කරනනේ නම් සිදුකළ යුතුව තිබුනේ පැමිණිල්ලක් ලද වහාම අදාල කඩයට පැමිණි මේ ගැන පරික්ෂාවක් සිදුකිරිමය. ආදල කඩයේ ගබඩාකරණයේ යම් අඩුපාඩුවක් තිබෙුනේ එයද එවිට දැනගත හැකිවණු ඇත.
එසෙත් නැතිනම් තම නිෂ්පාදනයේ ඇතම් කොටස් හි ගැටළු ඇත්තේ යන්න ගැන පරික්ෂාවක් සදහා නිසි දත්ත ලබාගත හැකි වනු ඇත.
මේ දෙකම මෙහිදි සිදුවුනේ නැත.
එපමණක් නොව මේ ගැන කිසියම් පරික්ෂාවක් සිදුකිරිම වැදගත් නේදැයි අප ඉතාමත් සද්භාවයෙන් කරන්නට යෙදුන යෝජනාවට බලා පිළිතුරු ලැබුනේ අප තෙවන පාර්ශවයක් හා ගණුදෙනු කරන්නට අකැමැති කියමිනි.
එසේ නම් මෙවන් තත්වයන් ගැන වගකියන්නේ කව්ද?
පාරිහෝගිකයාගේ ජිවිතාරක්ෂව බලන්නේ කව්ද ?
මෙහිදි නැවත්ත මතකයට එන්නේ වරක් ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා කියු ප්‍රකාශයක්ය.
එනම් තමන්ගේ ආරක්ෂාව තමන්ම සලසා ගන්නා ලෙසය.
කොයිතරම් තරම් සුපිරි සමාගම නිෂ්පාදනයක වුවත් පණුවන් සිටිය හැකි යැයි අප අනුමාන නොකළ යුතුද?
වැරදිමකින් හෝ අර ගැබණිය මේ කිරිපැකට් සම්පුර්ණයෙන්ම පානය කළේ නම් සිදවිය හැක්කේ කුමක්ද ?

dav
dav


කිරිපැකට් මිළට ගෙන පැයකට පමණ පසුව පැමිණ අදාල කඩයේදිම කෝප්පයකට හැලිමේදි පණුවන් දගලන අයුරු..