මීගමුව නගර සභාව විසින් රාජපක්ෂ උද්‍යානයේ කිරි හළ බදුදීම සම්බන්ධ ටෙන්ඩරය අද මුදල් කාරක සභාවේදී අනුමත කරන්නට යෙදී තිබුණි. මෙම කිරි හලේ ටෙන්ඩරය ඉදිරිපත්කර ඇති අකාරය යම් දෝෂ සහිතව තිබී ඇති නිසා විපක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සදහා විරෝධතාවය පළකර ඇත. එයට හේතුවී ඇත්තේ ටෙන්ඩර් ගිවිසුමේ කාලය සහ ගිවිසුමේ ස්වභාවය පැහැදිලිව ඉදිරිපත්කර නොතිබූ නිසා යැයි වාර්තා වේ. කෙසේ නමුත් මෙම විරෝධය හමුවේ වුවත් ටෙන්ඩර් යෝජනාව අනුමතවී ඇති අතර එක ඡන්දයකින් මෙම යෝජනාව ජයගෙන තිබේ. ජන්ද විමසීමේදී එක් එජාප සාමාජිකයෙකුගේ අඩුවක් තිබී ඇති අතර එබැවින් මෙම දෝෂ සහිත කිරිහලේ ටෙන්ඩරය ආණ්ඩු පක්ෂය විසින් ටෙන්ඩර් කිරීම සදහා අනුමත කරගෙන තිබේ.