කිරි කලයට ගොම ටිකක් වැටුනේ ඇයි ????????

0
78

FB_IMG_1519564901712කාර්දිනල් හිමි ප්‍රමුඛ කතෝලික පියතුමන්ලාත් අනික් ආගම්වල නායකයන්ගේද පුර්ණ සහභාගිත්වයෙන් ඊයේ දිනයේ පැවැති මත්කුඩු විරෝධි රැළිය ගැන කා තුලත් ඇත්තේ  ප්‍රසාදයකි.
එය ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණ බවත් ඉහල ජනතා සහභාගිත්වයක් තිබුණ බවත් අවිවාදිතය.
ඒ සදහා බොහොමයක් පියතුමන්ලා වෙහෙස මහන්සි වි තිබුන ආකාරය මනාව දිස්විය.
ඒ සියල්ල එසේ වෙද්දි මෙයට පැමිණ සිටි බහුතරයක් මහජනයා අතර එක් කුකුසක් විය.
එනම් මේ සදහා දේශපාලකයන් කුමකටද යන්නයි.
එයිනුත් බහුතරයක් දෙනා මතු කර තිබුනේ මත්කුඩු වලට ජාතික වශයෙන්ම චෝදනා ලැබ සිටින දේශපාලකයන් මේ රැළියට සම්බන්ධ කර ගෙන තිබිම ගැනය.
එමෙන්ම මේ දේශපාලකයන් පළමු සංවිධාන රැස්විමට සහභාගිවි මෙම රැළියේ බරපැනවලින් ප්‍රධාන අයිතමයන් භාරගැනිමට ඉදිරිපත්  වි තිබුණ බවද වාර්ථා විය.
එමෙන්ම පෙබරවාරි 21 වෙනිදා පැවැති පියතුමන්ලාගේ විශේෂ රැස්විමකදිද එක් ගරු පියනමක් පවසා තිබුනේ මේ සදහා ඕනෑම උදව්වක් කරන්න සුදානමින් එක්තරා දේශපාලකයෙකු එතුමන්ගෙන් විමසු බවය.
එහෙත් එහි සිටි බහුතරයක් පියතුමන්ලා ඇතැම් දේශපාලකයන්ගේ නම් පවා සදහන් කරමින් ඒ අය කිසිලෙසකින් වත් මෙයට ගාවා නොගන්නා ලෙසින් දන්වා තිබුණි.
මේ සියල්ල අවසන ම්ත්කුඩු පිළිබදව රටතුල නම් පටබැදුන අයවලුන් මෙම මත්කුඩු විරෝධි පෙළපාලියේ ඉරියෙන්ම සම්බන්ධ වි තිබුණි.
ඒ කාර්දිනල් තුමන්ට අඩිකිපයකින් පමණක් ඇතිනි.
මේ දසුන් රැගත් විවිධ පින්තුර මේ වන විටත් අන්තර් ජාලය තුල සැරිසරන්නට පටන්ගෙනය.
ඒවාට යටින් කදිම සටහන්ද වැටෙමින් තිබේ.
මේ දේශපාලකයන්ගේ පැමිණිම ගැන මේ පෙරහැරට එක්ව සිටි සැමට දනවා තිබුණේ එක්තරා පිළිකුලකි.
ඇයි පල්ලිය මිට ඉඩදුන්නේ යැයි ඔවුන්ගේ මුවග රැදුන සරල පැනයයි.
පල්ලියේ කිරිකලයට ගොමටිකක් වැටුනේ ඇයිද දැයි බොහොමයක් දෙනා තැවුල් සිතින් කල්පනා කරමින් සිටිති.
ඒ අඩුපාඩුව මගහැර ගැනිමට පල්ලියට හැකිව තිබුනේ නම් මෙය අති විශිෂ්ඨ ගණයේ සද් ක්‍රියාවක්ම වන්නේය.
එහෙත් දැන් සියල්ල සිදුවි අවසන්ය.
කැලුම් ප්‍රනාන්දු 
බෝලවලාන

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here