කිලිනොච්චියේ තවත් මාධ්‍යවේදියෙකුට මැර ප්‍රහාරයක් !

0
124

අද ( 15) උදෑසන කිලිනොච්චියේදී   තවත් මාධ්‍යවේදියෙකු හට මැර ප්‍රහාරයක් එල්ලවි තිබේ.මෙම ප්‍රහාරය සදහා පැමිණ තිබුණ මැර පිරිස පලමුව ඔහුගේ නිවසේ ගේට්ටුවද කඩා බිද දමා නිවසට ඇතුළු වි මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.

මෙසේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ කිලිනොච්චියේ තරුණ මාධ්‍යවේදියෙකු වන සුබ්‍රමනියම් භාස්කරන්ය

මැර පිරිස හෙල්මට් වලින් පහර දි ඇතැයි මේ සම්බන්ධයෙන් අප වෙත කරුණු දක්වා සිටි කිලිනෝචිචි මාධ්‍ය සංගමයේ තමරලිංගම් සිවා ප්‍රකාශ කර සිටියේය

1

2මෙම පහරදීම සම්බන්ධයෙන් මේ වනවිට කිලිනොච්චිය පොලීසියට පැමිණිල්ලක් සිදුකර තිබේ. මෙම පහරදීමට ආසන්න හේතුව බවට සැකකරන්නේ ක්‍රමවත්ව නිලධාරීන් පත්නොකර පවත්වාගෙන යමින් සිටින  ගොවි සමිතියක් සම්බන්ධයෙන් පළ කළ පුවතක් බවට සැක කෙරේ.
මිට පෙරද කිලිනාච්චි මාධ්‍ය සංගමයේ ලේකම් තමිල්සෙල්වම්ව පැහැර ගැනිමට උත්සාහ කර තිබුණ අතර ඉන් බේරිමට ගිය අවස්ථාවේදි ඔහු පහර කෑමකට ලක්ව කිලිනොච්චි රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමටද සිදුව තිබුණි.

WhatsApp Image 2025 01 15 at 11.58.15 c3286261

තමරලිංගම් සිවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here