කුට්ටිදූවේ දුරකථන සංඥා මාර්ග වලට බන්ධනාගාරය හරස් වෙයි

0
295

මීගමුව -කුට්ටිදූව ( 156/1A-උතුරු කුට්ටිදූව)  ප්‍රදේශයට දුරකථන ජාලවලට අවශ්‍ය  සංඥා මාර්ග වල අවහිරතාවයක් පවතින බව එම ප්‍රදේශවාසීන් පවසති. ඒ හේතුවෙන් ක්‍රමවත්ව හා කාර්්‍යක්ෂමව දුරකතන පාවිච්චි කළ නොහැකි බව ඔවුන් පවසයි. මෙයට ප්‍රධාන හේතුව ලෙස කුට්ටිදූවට යාබදවම ඇති බන්ධනාගාරයේ ක්‍රියාත්මක වන යම් ආරක්ෂක ක්‍රමවේදයක් බවත් ඔවුන් ලෙස හේතු දක්වා ඇත. මෙම ගැටළුව දරුවන්ගේ අධ්‍යාපනයට විශාල වශයෙන් බලපාන බවත්, මෙය විසඳාදෙන ලෙසත් ඉල්ලා ගම්වාසීන් විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ලිඛිතව දැනුම් දී තිබෙන්නේ 2022 වර්ෂයේ ජනවාරි මාසයේ වන අතර මේ වනතෙක් මෙම ගැටළුව විසඳීමට කිසිඳු ආයතනයක් හෝ බලධාරියෙකු මූලිකත්වය ගෙන නොමැත.