ලංසලා වෙනුවෙන් කුඨ ලේඛණ සැකසු හිටපු කොමසාරිස් ලක්ෂ්මන්ට වැඩ වරදින ලකුණු ?

0
156

මිගමුවේ බිච් පාක් එකට අදාලව ලංසා පවුලේ උවමනාවන් ඉ⁣ටු කිරිම වෙනුවෙන් කූඨ ලේඛන සකස් කළ  මිගමුවේ හිටපු කොමසාරිස් ලක්ෂ්මන් නැමැත්තා⁣ට එරෙහිව නීති මාර්ගයෙන් ක⁣ටයුතු කළ යුතු බවට  පසුගිය ජනවාරි 17 වනදා මිගමුවේදි පැවති සම්බන්ධිකරන  රැස්විමේදි  මෙන්ම ඊයේ දිනයේ ( 07)  පැවැති සම්බන්ධිකරණ කමිටු රැස්විමේදි යෝජනා වි තිබුණි .

අක්‍රමිකතා, මුල්‍ය වංචා ,ගැටළු සහ ප්‍රශ්න රාශියකට ලක්වී මහත් ආන්දෝලනයකට තුඩු දී ඇති මීගමුව වෙරළ උද්‍යානය නොහොත් බීච් පාර්ක් එක සම්බන්ධයෙන් කූඨ ලේඛන පිළියෙල කරමින් සිදුකර ඇති වංචනික ක්‍රියාවලිය සම්බන්ධයෙන් හිටපු නාගරික කොමසාරිස්වරයෙකු වන ලක්ෂ්මන් නමැත්තාව නීතිය හමුවට ගෙනා යුතු,බව ජාතික ජන බලවේග පක්ෂයේ මීගමුව, උතුරු පිටිපන ප්‍රධාන සංවිධායක සංගීත් පෙරේරා මහතා ප්‍රකාශ කළේය. ඔහු මෙලෙස ප්‍රකාශ කළේ පසුගිය 07 වැනිදා ( 07/03/2025) මීගමු නගර ශාලාවේ පැවැති ” මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව හමුවේ මීගමු බීච් පාර්ක් එක සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදීය.
එහිදී ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඇමතු සංගීත් පෙරේරා මහතා මෙලෙස පැවසීය.


මේ ප්‍රශ්නය මෙතනට පැන නැගෙන්න ප්‍රධානතම හේතුව වුනේ වෙන කවුරුවත්ම නෙවෙයි , ලක්ෂ්මන් කියන ව්‍යාපෘති සේවකයෙක් විදිහට බඳවා ගත්ත හිටපු නාගරික කොමසාරිස්. මම යෝජනාවක් කරනවා මේ සභාවට , ඒ අදාළ කොමසාරිස්වරයා කූඨ ලේඛන හදලා තමයි මේ වැඩපිළිවෙළට ගිහින් තියෙන්නේ. මෙච්චර අපහසුතාවයකට නගරයත්, මේ සම්බන්ධීකරණ කමිටුවත් අපහසුතාවයට පත් කරලා තියෙන්නේ ඔහු. ඒ නිසා ලක්ෂ්මන්ට විරුද්ධව අදාල නීතිමය ක්‍රියාමාර්ග ගන්න කියන එකත් මම මේ සභාවට යෝජනා කරනවා, ඒ අවශ්‍ය අයව දැනුවත් කරන්න කියලා.””
යනුවෙන් සංගීත් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.
ඉන් පසු කතා කල මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හිටපු නාගරික කොමසාරිස්වරයා සම්බන්ධයෙන් මෙම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට නීතිමය ක්‍රියාමාර්ග ගත නොහැකි බවත්, හිටපු නාගරික කොමසාරිස්වරයාව නීතිය හමුවට ගෙන ඒම පිළිබඳව පළාත් සභාවට දැනුම් දෙන බවත්ය.

එමෙන්ම ලක්ෂ්මන් නැමැති හිටපු කොමාසාරිස්වරයා විසින් ලබා දි ඇතැයි කියන මේ කූට ලේඛනයේ පිටපතක් ලබාදෙන ලෙසද මිගමු ප්‍රාදේශීය ලේකම්වරිය වෙත ඉල්ලිමක් කිරිමටද පසුගිය ජනවාරි මාසයේදි පැවැති සම්බන්ධිකරණ කමිටුවේදි යෝජනා වි ඇත.

දේශපාලනයන්ගේ.උවමනාවන් වෙනුවෙන් නීතිය නැමු නිලධාරීන් හට නිසි දඬුවම් දිමට මාලිමා රජය තවමත් ප්‍රමාද ඇයිදැයි සමාජය තුලද මේ වන විට සංවාදයක් ද මතුව තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here