කුඩාපාඩුව වැල්ලේ නීතිය කා වෙනුවෙන්ද

0
134

DSC_1688(10.24am)මීගමුවේ  අනවසර  වැඩ  සඳහා  නීතිය  ක්‍රියාත්මක වන්නේ   දෙයාකාරයටයග  අප  මීට  පෙරද  ඒ  පිළිබඳව  කරුණු සහිතව  දක්වා  ඇතග  නගරයේ  ප්‍රධාන  පාලන  මධ්‍යස්ථානය  වූ  මීගමුව  මහ  නගරසභාව  තුළින්  නීතිය  සහ  යුක්තිය  ඉටුකර  ගැනීමට  නම්  තමන්  සිටින  මතය  හෝ  අදහස  වෙනස්කර  ගනිමින්  පාලකයාගේ  අදහසට  අනුගතවිය  යුතුය.  එසේ  නොවන  අයට  තමන්ගේ  අවැසිතා  ඉටුකර  ගැනීම  අසීරු  දෙයක්  බව  මෙම  මීගමු  නගරසභාවේ  ක්‍රියාකාරීත්වය  දෙස  බලනවිට  පැහැදිළිවේග  මහාපරිමාණ  අනවසර  ඉදිකිරීම්  ඇතුළු  ඒ  ආශ්‍රිත  ඕනෑම  දෙයකට තමන්ට  නතුවන  අයට  ඉඩකඩ  සකස්වේ.

මෙම  කාරණය  නිවැරදි  බවට  ඉදිරිපත්කළ  හැකි  සාක්ෂියක්   කුඩාපාඩුව  දේවස්ථානය  පිටුපස වෙරළේ   නිතර දැකිය  හැකග  මෙම  ස්ථානයේ  පුටු  ල  බංකු  ආදිය  යොදා  විදේශිකයින්ටත්ල  වෙනත්  අයටත්  ගිමන් හැර  කාලය  ගතකිරීමට  ඉඩ කඩ  සකසා  ඇත්තේ  කුමන  පදනමක්  යටතේදැයි  අප  නොදනිමුග ප්‍රදේශවාසීන්  පවසන  ආකාරයට  මෙහි  ඇති  අශෝභන  හැසිරීම්  නිසා  එහි  බලපෑම  ඇත්තේ  කුඩා  දරුවන්ල  තරුණයින්ට  පමණක්  නොව  මහල්ලන්ද  යන  අයට  බවත්  ඒනිසා  මෙම  තත්වය  සමස්ථ  ප්‍රදේශයටම  බලපාන බවත්ය. මෙහි  ඇති Look    Restaurant      එක අනවසරයෙන්  පවත්වාගෙන  යන  ස්ථානයක්  බවත්  ප්‍රදේශවාසීන්ගේ  තොරතුරු  අනුව  පැහැදිළිවේ.  මේ  සියල්ල  කිසිදු  බලපෑමක්  නොමැතිව  පවත්වාගෙන  යන්නේ  වෙරළ  තමන්ගේ  බූදලයක්  ලෙස  හිතාගෙනය.    සියළු  රාජ්‍ය  ආයතනද  නිහඬ  පිළිවෙතක්  අනුගමනය  කරයි.  55495046_265980027613917_9182139435985141760_nDSC_1691