කුඩු ජාවාරමට සම්බන්ධ මන්ත්‍රීවරු පනහක්

0
148

www.elakolla.com__2015032226084750147මත්කුඩු ජාවාරම සඳහා සහයෝගය දක්වන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පනහකට ආසන්න පිරිසකගේ නම් සහ ප්‍රධාන පෙළේ වෛද්‍යවරුන්, ජේෂ්ඨ නීතිඥයන්, නළු නිළියන් පිරිසකගේ සියලූ විස්තර ඇතුළත් වාර්තාවක් අගමැතිවරයා වෙත භාර දී ඇත.

මෙරට ප්‍රකට විශේෂඥ වෛද්‍යවරුන් දහයකට ආසන්න පිරිසකගේ සහ කීර්තිමත් ජනාධිපති නීතිඥවරුන් තිදෙනකුගේ නම් මෙම වාර්තාවට ඇතුළත්ය. එසේම ජනප්‍රිය නිළියන් දෙදෙනකු මත්කුඩු ජාවාරම සඳහා සෘජුවම සහයෝගය දක්වන බවත්, තවත් නිළියන් පිරිසක් වක්‍රආකාරව ඊට සහයෝගය දක්වන බවත් අදාළ වාර්තාව මඟින් හෙළිදරව් කර ඇත. මෙම පිරිසෙන් ඇතැමෙක් මත්කුඩු ප්‍රවාහනය සඳහා තමන්ගේ නම භාවිතා කිරීමට ඉඩ දී ඇති අතර, තවත් පිරිසක් ජාවාරම්කරුවන් පොලිස් අත්අඩංගුවෙන් නිදහස් කරගැනීම සඳහා පොලිස් ස්ථානාධිපතිවරුන්ට දුරකතන ඇමතුම්ද ලබා දී තිබේ. අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මැදිහත්වීමෙන් මෙම වාර්තාව සකස් කර ඇත.

ශාලික විමලසේන
උපුටා ගැනිම / http://www.sathhanda.lk

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here